ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික පූජ්‍ය බද්දේගම සමිත හිමියන් හට කොවිඩ් 19 වැළදී ඇති බවට හදුනාගෙන තිබෙනවා.
ඒ අනුව උන්වහන්සේ මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කර ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන ලද පළමු බෞද්ධ භික්ෂූන්වහන්සේ ලෙස පූජ්‍ය බද්දේගම සමිත හිමියන් ඉතිහාසගත වනවා.
නව සමසමාජ පක්ෂයේ සාමාජිකයෙකු ලෙස දේශපාලනයට පිවිස පසුව වාසුදේව නානායක්කාර මහතා සමගින් ලංකා සමසමාජ පක්ෂයට එක්වී 2001 වසරේ පැවති මහාමැතිවරණයෙන් උන්වහන්සේ පාර්ලිමේන්තුවට තේරී පත්වනවා.
ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේයි.
කෙසේ වෙතත් පසුව 2004 වසරේ පැවති මැතිවරණයෙන් උන්වහන්සේ පරාජයට පත්වන අතර පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඡන්දයට ඉදිරිපත්වුවද පරාජයට පත්වුණා.