31 C
Colombo
Friday, July 5, 2024

කපු වලියේ කපුවෙක්ට ඇප

- Advertisement -

රුහුණු කතරගම මහා දේවාලයේ තේවාව භාර රත්නායක කපු පරපුර හා ආරාපක්ෂ කපු පරපුර අතර ඇති කර ගන්නා ලද ගැටුමක ප්‍රතිපලයක් ලෙස රත්නායක පරපුරේ උපුල් රත්නායක කපු මහතාට දේවාලයේ දී පහර දුන් බවට පැවසෙන ආරාපක්ෂ පරපුරේ ගයාන් ආරාපක්ෂ කපු මහතා තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමිර සිල්වා මහතා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස නියෝග කළා.

පූජා වට්ටිවලින් ලැබෙන රුපියල් කෝටි ගණනක මුදල් සහ රන් ආභරණ වෙනුවෙන් මෙම කපු පරපුරු දෙක කලක පටන් පැවැති ගැටුමක ආසන්‍න ගැටුම ලෙස දේවාලයේ දී ඉරිදා (30) වැනිදා පස්වරුවෙහි මෙම ගැටුම ඇතිව තිබූ බව අධිකරණයේදී පවසා තිබෙනවා.

එහිදී මෙම මාසය භාර කපු මහතකු වන ගයාන් ආරාපක්ෂ පහරදුන් බව පවසා රත්නායක කපු පරපුරේ උපුල් රත්නායක මහතා ප‍්‍රතිකාර සදහා කතරගම රෝහලට ඇතුළත් වී සිටින අතර ඔහු කතරගම පොලිසියට පැමිණිල්ලක් ද කර තිබෙන බව පැවසෙනවා.


RECENT ARTICLES - SINHALA

මිලියන 58ක් වියදම් කර මෙරටට ගෙන ආ පොලිස් සුනඛයෝ

පොලිස් නිල සුනඛ කොට්ඨාසය සඳහා ආනයනය කළ සුනඛයින් 35 දෙනෙකු අද (05) අලුයම නෙදර්ලන්තයේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබුණා. නෙදර්ලන්තයේ K10 Workingdogs...

ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වෙන විදිය ගැන නන්දලාල් කියයි

ශ්‍රී ලංකා රජය සහ ස්වෛරී බැඳුම්කරහිමියන් අතර පැමිණි එකඟතාවය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ නිල ණයහිමි කමිටුව විසින් අනුමත කළහොත් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන්...

සාගලගේ රථ පෙළ වීඩියෝ කළ තරුණයක් අත්අඩංගුවට

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩලය ප්‍රධානි සාගල රත්නායක මහතා ගමන් ගත් රථ පෙළ ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කළ 21 හැවිරිදි සිසුවෙකු කොල්ලුපිටිය...

POPULAR ARTICLES

රත්නපුර නගරය අඳුරු වෙයිද?

වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා...

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව,...

ඩොලරය පහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද (02) දිනයේ ඩොලරය පහළ අගයක පෙන්නුම් කළා. ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 300.39ක් ලෙසයි. එමෙන්ම එහි විකුණුම්...