ඉන්ධන හිඟයක් පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවකදී පැවසූවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතාට ඇප නියමකර තිබේ.
ඒ අද (22) ඔහුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
පසුගිය 19 වනදා මාධ්‍ය හමුවක් පවත්වමින් රට තුළ ඉන්ධන හිඟයක් ඇති බවට අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බවට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාවරයෙකු විසින් සිදුකළ පැමිණිල්ලකට අදාළව සිදුකරන විමර්ශන යටතේ ආනන්ද පාලිත අත්අඩංගුවට ගැනුණි.
ඒ වත්තල, සිංහපාර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීයි.