27 C
Colombo
Friday, January 17, 2025

මනුෂගේ සහෝදරයාට ඇප

- Advertisement -

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා වන තිසර ඉරෝෂන නානායක්කාර මහතාට ඇප ලැබී තිබෙනවා.

ඔහු අද (17) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හැරුණා.

නෙදර්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිසර ඉරෝෂන නානායක්කාර ඉකුත් දෙසැම්බර් 28 වනදා අත්අඩංගුවට පත්වුණා.

මේ අතර, හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර, ඊයේ දිනයේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළදාම්, මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමෙන් අනතුරුව ඔහු මෙම අපේක්ෂිත ඇප අයදුම්පත ඉදිරිපත් කළා.

RECENT ARTICLES - SINHALA

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වෙනසක්

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව ඩිජිටල් පද්ධතීන් ජනගත කිරීම අද (17) රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතාගේ ප්‍රධානාත්වයෙන් සිදුවුණා. ඒ...

ආරුගම්බේ ත්‍රස්ත ප්‍රහාර සිදුවිමේ සැකකරුවන්ට දුන් නියෝගය

පසුගියදා ආරුගම්බේ ප්‍රදේශයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ...

විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ නිවේදනයක්

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ, ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කර...

POPULAR ARTICLES