නීතිපති දෙපාර්තමේන්තුවේ වාහන රැඳවුම් අංගනයේ නවතා තිබූ නිල රථයක් පැහැරගෙන ගමේ ගොස් නැවත පැමිණියේ යැයි කියන සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ පෞද්ගලික ආරක්ෂක අංශයේ ස්ථානාධිපතිවරයා හා කළමනාකරු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (15) නියෝග කළා.
රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීරය ඇප හතරක් සහ රුපියල් 25,000ක් බැගින් වූ මුදල් ඇප දෙකක් මත මෙසේ මුදා හරින ලද්දේ පෞද්ගලික ආරක්ෂක අංශයේ ස්ථානාධිපති වූ බෙලිගල කෑගල්ල ලිපිනයේ පදිංචි අමිල නුවන් ජයතිස්ස සහ ආරක්ෂක කළමනාකාර කඩුගන්නාවේ පදිංචි සුනිල් රත්නායක සැකකරුවන් වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අතර, විමර්ශනයේ වැඩිදුර විභාගය පෙබරවාරි 11 නිදිනට නියම කෙරුණා.