30 C
Colombo
Monday, February 17, 2025

අර්චුනාට ඇප

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා.

රියදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධී බලහත්කාරය පා තර්ජනය කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අරච්චුනා අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කියා සිටියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් යාපනය ප්‍රදේශයේදී මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගත් බවයි.

පසුගියදා මෙම සිද්ධිය සිදුවුණේ අනුරාධපුර ගල්වල මංසන්ධිය අසළදීයි.

මීට අදාළ නඩුව අද (29) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී මෙම සිද්ධියට නිවැරදි සැකකරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අරච්චුනා බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දී තිබුණා.

සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අරච්චුනාගේ ඉල්ලීම මත මෝසමක් මගින් මෙම නඩුව මීට පෙර කැදවූ අවස්ථාවේදී නම්වල පරස්පරතාවයක් තිබෙන බව ප්‍රකාශ කල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නිවැරදි සැකකරු මෙම සැකකරු බවට අධිකරණයට පිළි ගැනීමට නොහැකි බව කියා සිටීම ඊට හේතුවයි.

ඒ අනුව පොලිසිය අද අධිකරණයට දැනුම් දුන්නේ මෙම රථ වාහන නඩුවට අදාළ සැකකරු ලෙස අරච්චුනා ලෝචනා නමැති නම මීට පෙර මුල් බී වාර්තාවේ සඳහන් වූයේ අතපසුවීමකින් බවයි.

ඒ පිළිබඳව අධිකරණයෙන් සමාව අයදින බවද පොලිසිය පවසා තිබෙනවා.

පොලිසියේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නඩුවේ නිවැරදි සැකකරු ලෙස රාමනාදන් අරච්චුනා යන අය බවට පිළිගනිමින් නඩුව යලි පෙබරවාරි මස 3 වන දින කැඳවීමට නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර පොලිසිය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළ අවස්ථාවේ මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනුම් දී තිබුණා.

RECENT ARTICLES - SINHALA

ෆොන්සේකාගේ නඩුව කොළඹ මහාධිකරණයේදී කැඳවයි

2006 වසරේ කොළඹ යුද හමුදා මූලස්ථානය ඉදිරිපිට දී එවක යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාළව ගොනුකර තිබෙන...

2025 අයවැය යෝජනා මෙන්න

2025 අයවැය යෝජනාවලිය අද(17) පෙරවරුවේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. 2025 අයවැය යෝජනාවලිය පහත පරිදි වනවා. (2025 - 2029)...

නීතීඥ සංගමයේ නිලවරණය වළක්වන්නැයි කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප වෙයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීම වළක්වන ලෙස ඉල්ලා එම සංගමයේ සාමාජික නීතිඥවරියක් අධිකරණය හමුවේ සිදුකළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. යළි...

POPULAR ARTICLES