අන්තනෝමතික ලෙස අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා හට මීට සුළු මොහොතකට පෙර ඇප හිමිවුණා.
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලට පැමිණ ඔහුව පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීත් ඉන් අනතුරුව ඔහුව පොලීසියට රැගෙන යන අතර තුරත් පොලිස් පහරදීම්වලට ලක්ව සිටි ඔහුව අද උදෑසන රෝහල් ගත කෙරුණා.
අනතුරුව ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර ඉන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා රෝහලට පැමිණීමෙන් පසුව අදාළ ඇප නියෝග නිකුත් කරනු ලැබූවා.