බේකරි නිෂ්පාදන මිල යළි ඉහළට?

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන පවසනවා. ඒ, තිරිඟු පිටි මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින්. මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අද (28) පෙරවරුවේ ප්‍රකාශයක් සිදුකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසනවා.