28 C
Colombo
Sunday, March 30, 2025

බැල්ටිමෝ පාලම හදන්න ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 60ක ආධාරයක්

- Advertisement -

නෞකාවක් ගැටි කඩා වැටුනු ඇමෙරිකාවේ බැල්ටිමෝර්හි ” ෆ්‍රැන්සිස් කොට් කී ” පාලමේ සුන්බුන් ඉවත් කිරීමට හා ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට ඇමරිකානු රජය විසින් මූලික අදියර ලෙස ඩොලර් මිලියන 60ක හදිසි අරමුදල් ප්‍රදානය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අතර විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියේ, වානේ ටොන් 3,000ක් හෝ 4,000ක් පමණ වන පාලමේ සුන්බුන්වලට සිරවී ඇති නෞකාව ඉවත්කර ගැනීමට අවශ්‍ය කටයුතු සැළසුම් කිරීමද මේ වන විට සිදු කරමින් පවතින බවයි.

6 දෙනෙකුට මෙම සිද්ධියෙන් දිවි අහිමි වු අතර, කාර්ය බහුල නාවුක ගමන් මාර්ගයක් වුවත් මෙම සිද්ධියෙන් පසු තවමත් එම ප්‍රදේශය හරහා නෞකා ගමනාගමනය සිදු නොවන බවයි විදෙස් වාර්තා පැවසුවේ.

RECENT ARTICLES - SINHALA

මුස්ලිම් පාසල්වලට ලැබෙන නිවාඩුව ගැන දැනුම්දීමක්

රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ එළැඹෙන 31 වැනි දිනට අමතරව...

මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

නාවික හමුදාව විසින් රුපියල් මිලියන 49 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක්  තලෙයිමන්නාරමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ දී සිදුකළ මෙහෙයමුකදී කේරළ...

පුනරුත්ථාපන මධ්‍යස්ථානයකදී තරුණයෙක් මරුට

මිනුවන්ගොඩ - පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන පෞද්ගලික මධ්‍යස්ථානයක පුනරුත්ථාපනය වෙමින් සිටි පුද්ගලයෙකු හදිසියේ මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ, ගම්පහ - ගනේමුල්ල...

POPULAR ARTICLES

රනිල් සර් ගැන කියමින් දොඩම්පහළ අඬාවැටෙයි (වීඩියෝ)

රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති දානමය පින්කමකදී දොඩම්පහළ රාහුල හිමියන් කළ ප්‍රකාශයක් පිළිබඳව පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුව තිබුණා. එහිදී...