28 C
Colombo
Friday, October 25, 2024

වෝනර්ට පැනවූ තහනමක් ඉවතට

- Advertisement -

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර්ට කිසිදු අයුරකින් ඔස්ට්‍රේලියාව තුළ නායකයෙකු ලෙස කටයුතු කිරීමට නොහැකි ලෙස ජීවිතාන්තය දක්වා පනවා තිබූ තහනම ඉවත්කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම 2018 වසරේ සිදුකළ දකුණු අප්‍රිකානු සංචාරයේ කේප් ටවුන්හිදී පැවති තරගයේදී වැලි කඩදාසියක් වැනි යමකින් පන්දුව පලුඳු කිරීමේ චෝදනාවට වෝනර් ලක්වුණා.

එම චෝදනාවට වෝනර්ට අමතරව ස්ටීවන් ස්මිත් හා කැමරන් බැන්ක්‍රොෆ්ට් ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔවුන් තිදෙනාම තරග තහනමකට ද ලක්ව තිබෙනවා.

ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය වෝනර්ට එරට තුළ පැවැත්වෙන බිග් බෑෂ් ලීග් තරගාවලියේදී හෝ වෙනත් කිසිදු තරග රටාවක ක්‍රිකට් කණ්ඩායමක නායකත්වය දැරීම ජීවිතාන්තය දක්වා තහනම් කර තිබුණා.

කෙසේ නමුත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් චර්යා කොමිසමේ නිර්දේශ පිළිගනිමින් එරට ක්‍රිකට් ආයතනය වෝනර්ට ජීවිතාන්තය දක්වා පනවා තිබූ නායකත්ව තහනම වසර හය හමාරකට පසු අවලංගු කර තිබෙනවා.

මේ හේතුවෙන් ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින වෝනර් එළැඹෙන බිග්බෑෂ් ලීග් තරගාවලියේදී Sydney Thunder කණ්ඩායමට නායකත්වය ලබාදෙනු ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

පදික මාරුවේ අනතුරක් කළ ජනපති ආරක්ෂක අංශ රියදුරා රිමාන්ඩ්

නොසැළකිලිමත් අන්දමින් රිය පදවා මහබාගේ ප්‍රදේශයේ පදික මාරූවකින් පාර මාරූ වෙමින් සිටි පදිකයකු හප්පා බරපතල තුවාල කරන ලදැයි කියන සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන...

කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධ වලින් පහරදීලා

මුහුණු ආවරණය කරගෙන නිවසක් තුළට කඩාවැදුණු තිදෙනෙක් එම නිවසේ සිටි කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියක් පානදුරෙන් වාර්තා වනවා. පින්වත්ත පොලීසිය සඳහන් කළේ නිවසේ දොරක්...

ආරක්ෂාව ගැන ජනපති රාජත්‍රාන්ත්‍රිකයින් දැනුම්වත් කරයි

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරේනෝ මහතා ප්‍රමුඛ යුරෝපා සංගමයේ නියෝජිත පිරිස අද (25) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවි...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...