25 C
Colombo
Friday, October 25, 2024

බැසිල්ගෙන් පොහොට්ටු මන්ත්‍රීවරුන්ට තහනමක්

- Advertisement -

පක්ෂයේ දිස්ත්‍රික් නායකයන් කවුරුන් හෝ කැඳවනවා නම් ඊට ප්‍රථම පක්ෂය දැනුවත් කළ යුතු බව බැසිල් රාජපක්‍ෂ මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ එම පක්ෂයේ දිස්ත්‍රික් නායකයන් අතර ඊයේ (15) පැවැති සාකච්ඡාවේදීයි.

එවැනි සාකච්ඡාවක් නැවත කැඳවනවා නම් පක්ෂ නායකයන් දැනුවත් කළ යුතු බවයි ඒ මහතා පෙන්වා දී ඇත්තේ.

රටේ ඉහළ පෙළේ නායකයන් සහ පොදුජන පෙරමුණු නායකයන් අතර සිදුවන සාකච්ඡා පිළිබඳව විවිධ නිලධාරීන් මාර්ගයෙන් එම නායකයන් දැනුවත් වීම සිදු කෙරෙන හෙයින් පක්ෂයේ විනය පිළිබඳව ගැටළුවක් ඇති විය හැකි බැවින් ඒ සම්බන්ධව සියළු දෙනා සැලකිලිමත් විය යුතු බවද එහිදී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා.

තවද දිස්ත්‍රික් මට්ටමින් පක්ෂයට ඇති ගැටළු සම්බන්ධව හා පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව ද අදහස් ප්‍රකාශ වී ඇති බවද සඳහන් වනවා.

මෙහිදී පළාත් පාලන ඡන්දය පැවැත්වීම මේ මොහොතේ සුදුසු ද? නැද්ද? යන්න පිළිබඳව බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරුන්ගෙන් විමසා තිබෙනවා.

ඒ සම්බන්ධව මන්ත්‍රීවරුන්ගෙන් අදහස වී ඇත්තේ රටේ ආර්ථිකය යහපත් මට්ටමේ ප්‍රකෘති තත්ත්වයක් පත්ව ඇති නිසා කෙටි කලක් තුළදී මැතිවරණයකට මුහුණ දීම සුදුසු බවයි.

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් කබලෙන් ලිපටම වැටෙයිද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනු කර ඇති...

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව කල් ගිහින්

ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට තීරණය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනය කළා. එම මණ්ඩලය කියා...

කටුනායක අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

පෑලියගොඩ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා. එම මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...