26.4 C
Colombo
Friday, March 14, 2025

පුරවැසිකම අතහැර ජනපති සටනට එන බැසිල්

- Advertisement -

ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයන් කිහිපදෙනෙකුම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා තිබෙන බවට වාර්තා වනවා.

සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය යන පක්‍ෂ මේ වනවිටත් ඔවුන්ගේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා කවුද යන්න ප්‍රකාශයට පත්කර ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වන පසුබිමක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයා කවුද යන්න ප්‍රකාශයට පත් නොකර සිටීම දේශපාලන වශයෙන් අවාසිදායක බව එම ජ්‍යෙෂ්ඨ නායකයන් බැසිල් රාජපක්‍ෂ මහතාට පවසා තිබෙනවා.

පරිණත දේශපාලනඥයකු ලෙසත්, ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, මුදල් අමාත්‍යවරයා ලෙසත් බැසිල් රාජපක්‍ෂ මහතා විසින් ඉටුකර ඇති කාර්යභාරය සලකා බැලූ කල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කළ හැකි සුදුසුම අපේක්‍ෂකයා බැසිල් රාජපක්‍ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයන් ප්‍රකාශ කරනවා.

තවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අවස්ථා තුනකදී පසුගිය ජනාධිපතිවරණයට සූදානම් වන ලෙසට බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටියත් වියත්මග වැනි සංවිධානවල ඉල්ලීම මත පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අපේක්‍ෂකත්වය ලබාදුන් බවයි සඳහන් වන්නේ.

RECENT ARTICLES - SINHALA

බටලන්ද අද පාර්ලිමේන්තුවට

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. පසුගිය 11 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ...

පාසල් සංවර්ධන සමිති ගාස්තු සම්බන්ධයයෙන් ගුරු සංගම්වලින් චෝදනා

පාසල් සංවර්ධන සමිති විසින් අය කරන ගාස්තු ඉහළ නැංවීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය අනුමැතිය ලබා දී ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනවා. එහි ප්‍රධාන ලේකම්...

මවක් ඝාතනයට අනුබල දුන් තවත් අයෙක් අත්අඩංගුවට

දඹගල්ල පොලිස් වසමේ කොලොන්කඳපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ මවක් පුළුස්සා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු පොලීසිය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු වයස...

POPULAR ARTICLES