30 C
Colombo
Tuesday, April 22, 2025

බැසිල් රාජපක්ෂ මහාධිකරණයෙන් ඉල්ලීමක් කරයි

- Advertisement -

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 2,992 ක මුදලක් වැය කර දිවි නැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් තමන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇතැයි හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කොළඹ මහාධිකරණය වෙත දැනුම්දී තිබේ.

එම චෝදනාවට සම්බන්ධ නඩුවෙන් විත්ති වාචකය නොකැඳවා තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා බැසිල් රාජපක්ෂ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන ලිඛිත දේශන මගින් මෙම ඉල්ලිම සිදුකර ඇති බව අප වාර්තාකරු පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා එම ලිඛිත දේශනවලින් සඳහන් කර සිටින්නේ  මෙම නඩුවේ මුල් පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ ඉකුත් යහපාලන රජය සමයේ ස්ථාපිත කර තිබු දුෂණ විරෝධී කමිටුවේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල නමැත්තා විසින් බවය.

එහෙත් එම මුල් පැමිණිලිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිස් මුල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසය පියවර ගෙන නොමැති හෙයින් එය විමර්ශනවලදී සිදූවු බරපතළ දෝෂයක් බවද එම ලිඛිත දේශනවල සඳහන්කර තිබේ.

මෙම නඩුවට පාදක වන දිවිනැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර වශයෙන් මුදල් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලද්දේ දිවිනැගුම ජාතික සභාවේ අනුමැතිය යටතේ බව පෙන්වා දෙන බැසිල් රාජපක්ෂ මහතා එබැවින් එය නීතියට පටහැනිව ක්‍රියාත්මක කළ වැඩසටහනක් නොවන බව පෙන්වා දෙයි.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ අධිකරණය වෙත පැවරී ඇති බලතල යටතේ විත්ති වාචකය නොකැඳවා තමන්ව නිදොස් කොට නිදහස්කරන ලෙසද  රාජපක්ෂ මහතා සිය ලිඛිත දේශනවලින් අයැද සිටී.

මේ අතර විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන්නේ ද? නැද්ද? යන තීන්දුව මේ මස 30 වනදා ප්‍රකාශයට පත් කරන බව මහාධිකරණය මීට පෙර නියෝග කළේය.

RECENT ARTICLES - SINHALA

වැඩබලන විගණකාධිපතිට සේවා දිගුවක්

විගණකාධිපති තනතුරෙහි වැඩ බැලිම සඳහා පත්කළ ජී.එච්.ඩී ධර්මපාල මහතා හට දින 30 සේවා දිගුවක් ලබා දී තිබෙනවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අනුවයි. හිටපු විගණකාධිපති චූලන්ත...

අවුරුද්දට එවන SMS එක නවත්තලා ලක්ෂ 980ක් ඉතුරු කළා – කොට්ටහච්චි

ජනාධිපතිවරයා විසින් අලුත් අවුරුද්දට සුබ පතමින් යොමු කරන්න sms පණිවිඩය නතර කිරීමෙන් ලක්ෂ 980ක මුදලක් රටට ඉදිරි කර ඇති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී...

කටුනායක වෙඩි තැබිමේ තවත් තොරතුරු

කටුනායක ආඬිඅම්බලම දැවමොට්ටාව ප්‍රදේශයේදී අද (22) පෙරවරුවේ ව්‍යාපාරිකයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට දැරූ උත්සාහය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. පොලියට මුදල් ලබාගැනීමේ මුවාවෙන් වෙඩික්කරුවන් දෙදෙනා...

POPULAR ARTICLES