26.9 C
Colombo
Friday, March 14, 2025

මන්ත්‍රීධුරය ගැන ධනාත්මකව හිතන්නෑ- බැසිල් කියයි

- Advertisement -

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනවාද නැද්ද කියා තීන්දුවක් ගෙන නොමැති නමුත්, ඒ ගැන ධනාත්මකව කල්පනා කරන්නට බලාපොරොත්තු නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.

ඉරිදා ලංකාදීප පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු ඒ බව කියා ඇත. පසුගිය කාලසීමාවේදී පුවත්පත්වලට සම්මුඛ සාකච්ඡා ලබා නොදුන් ඔහු, මෙවර තම අදහස ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

ඔහු මන්ත්‍රීධුරය බාරගැනීම ගැන අදහස් දක්වා තිබුණේ මෙසේය.

‘ඇත්තටම මම ඒ ගැන ධනාත්මකව හිතලා නෑ. ඔබ දන්නවා 2015 දී ජනතාව අපට තීන්දුවක් දුන්නා. ඒ ජනවරමට ඉඩ දීලා අපි ඉවත් වුණා. එතැනදී මම කල්පනා කළා ඉදිරි කාලය මගේ දරුවන් හා බිරිඳ සමග ඉන්න ඕනෑ කියලා. නමුත් ඒකට ඉඩ දුන්නේ නෑ. යම් යම් චෝදනා දාලා මාව කොටු කළා.

මම මුලින්ම ලංකාවට ආවා. එතැනදී මම කාරණා දෙකක් හිතුවා. එකක් මේ මර්දනය නීතිමය වශයෙන් පරාජය කරන්න සම්පූර්ණ ශක්තිය යොදවන්න ඕනෑ කියලා. දෙවැනි එක ඒ රටට හානි  හතුරු පාලනය දේශපාලනිකව පරාජය කරන්න ඕනෑ කියලා. මේ මර්දනය මට විතරක් නෙවෙයි. අපේ කඳවුරේ අතිමහත් පිරිසකට එල්ලවුණා.

ඒ එක්කම හිතපු දෙයක් තමයි මගේ කැමැත්තක් නැහැ ජාතික දේශපාලනයට එන්න. ඒ කාර්යභාරයට හොඳම අය ඇවිත් ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු පිරිස. ඒ අයට උදව්වක් කරගෙන ඉන්නවා මිසක් මෙතැනින් එහාට යන්න මගේ බලාපොරොත්තුවක් නෑ.

ආරාධනා මට බොහොමයක් තියෙනවා. මන්ත්‍රීවරුන් විතරක් නෙවෙයි, ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඉල්ලලා තියෙනවා. විවිධ ක්ෂේත්‍රවලින් ආරාධනා එනවා. නමුත් මම තවම ඒ ගැන තීන්දුවක් අරගෙන නෑ. ධනාත්මකව ඒ ගැන කල්පනා කරන්න බලාපොරොත්තුවක් ඇත්තේත් නැහැ.’

පසුගිය සතියේ ඉරිදා පුවත්පතකට සාකච්ඡාවක් දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ප්‍රකාශ කර තිබුණේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන බව ප්‍රකාශ කළහොත් ඒ මොහොතේ ‘තමන්ටද තීන්දුවක් ගැනිමට’ සිදුවන බවය.

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...