හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (05) පාර්ලිමේන්තුවේ කැඳවූ විශේෂ පක්ෂ නායක රැස්වීම අතරතුර නැගී සිට පිටව ගොස් ඇති බව වාර්තා වනවා.
ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු පිරිස කැමති පුද්ගලයෙකුට මෙය භාරගෙන කරන ලෙසට ආරාධනා කළ බවයි එහිදී ඔහු පවසා සිටියා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඕනෑම කෙනෙකුට ස්වාධීනවීමේ අයිතියක් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, වතමන් අර්බුදකාරී තත්වය සම්බන්ධව සාකච්ඡා කිරීම උදෙසා දින දෙකක විවාදයක් සිදු කිරීමට පක්ෂ නායකවරුන් කැමැත්ත පලකර තිබෙනවා.
ඒ අනුව, හෙට සහ අනිද්දා යන දින දෙකෙහි එම විවාදය පැවැත්වෙනු ඇත.