25 C
Colombo
Sunday, November 17, 2024

බැසිල්ගේ පාර්ලිමේන්තු පැමිණීම මුලු රටටම දැනුම් දී උත්සවශ්‍රීයෙන් සිදුකරනවා

- Advertisement -

බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් සිය මන්ත්‍රී ධූරය පරිත්‍යාග කිරීම සඳහා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම ඉදිරිපත් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා.

ඒ අද (28) පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට පිළිතුරු ලබා දෙමින්.

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණිය යුතුම බවට විවිධ පාර්ශවයන්ගෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති හෙයින් ඔහුට එම ඉල්ලීම තවදුරටත් ඉවත දැමිය නොහැකි තත්වයක් මතුව ඇති බවයි කාරියවසම් මහතා පෙන්වා දෙන්නේ.

වසර 04 හමාරක් ඇතුළත් අලුතින් පක්ෂක් පිහිටුවා එම පක්ෂය බලය ලබා ගැනීමට හැකි පක්ෂයක් දක්වා වර්ධනය කිරීමට බැසිල් රාජපක්ෂ සමත් වූ බවයි සාගර කාරියවසම් මහතා පෙන්වා දෙන්නේ.

එමෙන්ම, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා ඉතා දැවැන්ත කාර්යභාරයක් සිදුකළ බවත්, එම හැකියාව රට ගොඩනැගීම සඳහාද යොදාගැනීමේ හැකියාවක් පවතින බවත් සාගර කාරියවසම් මහතා පවසනවා.

බැසිල් රාජපක්ෂ මහතා මීට පෙර ඇමතිවරයෙකු ලෙස කටයුතු කරන සමයේදී රටේ ආර්ථික වර්ධන වේගය 07% ක් දක්වා ඉහළ දැමීමට සමත් වූ බවත් ඔහු නැවතත් පාර්ලිමේන්තුවට පැමිණියහොත් එවැනි දැවැන්ත කාර්යභාරයක් සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත යන්න පක්ෂයේ සියලු දෙනාගේම විස්වාසය බවයි පොදුජන‍ පෙරමුණු ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම රහසිගත සිදුවන්නක් නොව මුලු රටටම දැනුම් දී උත්සවශ්‍රීයෙන් සිදුකරන බවත් පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයි ලැබී ඇති ඉල්ලීම් බැසිල් රාජපක්ෂ මහතා මේ දක්වා ප්‍රතික්ෂේප කර නොමැති නමුත් ඔහු පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ නම් ඊට පෙර අනුගමනය කළයුතු පියවර කිහිපයක් තිබෙන බවත් ලේකම්වරයා වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය පවසනවා. සාම්පූර් නාවික...

ලීක් වෙච්ච ඒවා බලන්නෙ බලාගෙනයි

0
මේ දිනවල සමාජ මාධ්‍ය හරහා වැඩි වශයෙන් සංසරණය වන වීඩියෝවක් නිසා මේ වන විට ගැටළු රැසක් නිර්මාණය වී තිබෙනවා. ප්‍රසිද්ධ රංගන ශිල්පිනියකගේ පෞද්ගලික වීඩියෝවක් කවුරුන්...

ඉන්දියාව – කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව නවතියි

ඉන්දියාව සහ යාපනය - කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව ලබන මස 18 වනදා දක්වා තාවකාලිකව නතර කිරීමට ශිවගංගී නැව් සමාගම තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය...

POPULAR ARTICLES