25.7 C
Colombo
Sunday, November 24, 2024

උත්සව සමයට ජනතාවට රෙදි දෙන්න බැසිල්ගේ අවධානය

- Advertisement -

රට තුළ පවතින විදේශ විනිමය හිඟය තාවකාලික තත්ත්වයක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ මුදල් අමාත්‍යාංශයේ ඊයේ (11) පැවති අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගිකයින් වෙත ලබාදීම සඳහා ජනාධිතිවරයා විසින් පත්කල කමිටුවේ පළමු රැස්වීම අමතමින්.

මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ, ඒ මගින් ජනතාවට ඇතිවන බලපෑම අවම කිරීම රජයේ අපේක්ෂාව බවයි.

අදාල රැස්වීමේ වැඩි අවදානයක් යොමුව ඇත්තේ එළැඹෙන උත්සව සමයේදී රෙදිපිළි සහ ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගික ජනතාව වෙත ලබාදීම පිළිබඳව වන බවත් කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්තිවල යම් හිඟයක් පැවතියද සෙසු සියලුම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණයත් තොග පවතින බවත් ඒ සම්බන්ධව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා රජය කුමන ආකාරයේ බදු සහන ලබා දුන්න ද, එම සහන පාරිභෝගික ජනතාවට නොලැබීමේ තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර අතැම් කූඨ වෙළෙඳුන් රජයේ සහන යටතේ ලබාගන්නා භාණ්ඩ අධික මිල ගනන් යටතේ අලෙවි කරන බව එහිදී අනාවරණය වී ඇති බවයි අදාල නිවේදනයේ දැක්වෙන්නේ.

ආනයනය කරන අත්‍යාවශ්‍ය භාණ්ඩ නිසි පරිදි පාරිභෝගික ජනතාව වෙත ලබාදීමේ යාන්ත්‍රණය තවදුරටත් විනිවිද භාවයට පත් කිරීම පිළිබඳව ද මෙහිදී අවදානය යොමුව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES