31 C
Colombo
Thursday, September 19, 2024

ජයිකා ව්‍යාපෘතියක් මෙහෙයවීමේදී නීතිඥ සංගම් සභාපති විශ්වාසය කඩ කරලා

- Advertisement -

ජපාන ‘ජයිකා’ ආයතනයේ මූල්‍යමය අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිදු කළ අල්ලස හා දූෂණය මැඬලීම සම්බන්ධයෙන් වන රුපියල් කෝටි 2ක උපදේශන සේවා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී එහි සභාපති කෞශල්‍ය නවරත්න මහතා විශ්වාසය කඩ කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.


ජයිකා ආයතනය සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය එක්ව සිදු කළ මෙම ව්‍යාපෘතියේ ගැටලු පිළිබඳව විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති නීතිඥවරුන් පස් දෙනකුගෙන් සමන්විත පංච පුද්ගල කමිටුවක් මඟින් මෙම තීරණය ගෙන තිබුණා.


ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය හෙවත් “ජයිකා ආයතනය” වෙනුවෙන් උපදේශන කාර්යයක් ඉටුකිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ලැබුණු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී දූෂණයක් සිදුවී ඇත්දැයි සොයා බලා වාර්තා කිරීමට පසුගිය මැයි 18 වැනිදා ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම කමිටුව පත්කරනු ලැබුවා.


ෆයිස් මුස්තාෆා, කේ. කනගීඊශ්වරන්, ඉක්‍රම් මොහොමඩ්, ජෙෆ්රි අලගරත්නම් හා රියෙන්සි අර්සකුලරත්න යන ජනාධිපති නීතිඥවරුන්ගෙන් මෙම කමිටුව සමන්විත වුණා.


ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ලැබුණු මෙම ව්‍යාපෘතිය සඳහා නීතිඥ සංගමයෙන් එහි සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න, උප සභාපති නලින් ද ඉන්දතිස්ස, ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු සහ තවත් කනිෂ්ඨ නීතිඥවරයකු හා නීතිඥවරියකගෙන් සමන්විත කණ්ඩායමක් ඉදිරිපත් වී තිබෙනවා.


කෙසේවෙතත්, පංච පුද්ගල කමිටුව මඟින් අනාවරණය කරගෙන ඇත්තේ මෙම ව්‍යාපෘතිය සඳහා සම්පත් දායකයින් සහ පර්යේෂකයින් තෝරා ගැනීමේ ක්‍රියාවලියේදී නීතීඥ සංගමයේ සභාපති කෞශල්‍ය නවරත්න මහතා විනිවිදභාවයකින් යුතුව කටයුතු කර නොමැති බවයි.


එය, කෞශල්‍ය නවරත්න මහතාගේ තනි මැදිහත්වීමට යටතේ පමණක් සිදු කර ඇති බව එම කමිටුව දැනුම් දෙනවා.

කෞශල්‍ය නවරත්න මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වගකීම් සහගත ධූරයක් දැරීම මෙන්ම, අදාළ ජයිකා ව්‍යාපෘතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා නීතීඥ සංගමය බැඳී සිටීම හේතුවෙන් , ව්‍යාපෘතිය මෙහෙයවූ පුද්ගලයින්ට මුදල් ගෙවූ ක්‍රමවේදය විනිවිදභාවයකින් යුතුව සිදු කළ යුතුව තිබූ බව මේ සමබන්ධයෙන් සෙවීමට පත් කළ පංච පුද්ගල කමිටුව අවධාරණය කරනවා.


කෙසේවෙතත්, 2024 මැයි 11 වන දින පවත්වන ලද ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටු රැස්වීමකදී අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන තුරු ඒ සඳහා ජයිකා ආයතනයෙන් ලැබුණු අරමුදල් පිළිබඳව හෝ ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ඒ සමඟ ඇති සම්බන්ධතාව පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය දැනුවත් කර නොමැති බවද වාර්තා වෙනවා.


නමුත්, අදාළ ව්‍යාපෘතියට සම්බන්ධ වූ කනිෂ්ඨ නීතිඥවරයා හා නීතිඥවරිය ප්‍රකට ජනාධිපති නීතිඥවරුන් දෙදෙනකුගේ දියණිය හා පුත්‍රයා වූ අතර නීතිඥ සංගමයේ විධායක සභාවට නොදන්වා තමන් විසින්ම පත්කරගන්නා ලද කණ්ඩායමක් හරහා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බවට නීතිඥ ප්‍රජාව විසින්ම චෝදනා කර තිබෙනවා.


මෙහිදී ව්‍යාපෘතිය සඳහා ලැබුණු රුපියල් ලක්ෂ 190ක් කණ්ඩායම අතරේ බෙදී ගොස් තිබුණේ යැයි සඳහන් වූ අතර රුපියල් ලක්ෂ 60ක මුදලක් කෞශල්‍ය නවරත්න මහතා ලබාගෙන නැවත භාර දී ඇති බවද වාර්තා වෙනවා.


ශ්‍රී ලංකා නීතිඥ සංගම් රැස්වීමක් ඊයේ (30) පැවැත්වීමට නියමිතව තිබුණු අතර එහිදී මෙම වාර්තාවට අදාළව තීන්දුවක් ගැනීමට නියමිතව තිබුණු බවද විශ්වාස කටයුතු ආරංචිමාර්ග පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

විදෙස් සිසුන් සම්බන්ධයෙන් කැනේඩියානු රජය දැඩි තීරණයක

අධ්‍යාපන ආයතන සඳහා විදෙස් සිසුන් බඳවා ගැනීම තවදුරටත් අවම කිරීමට කැනේඩියානු රජය තීරණය කර තිබෙනවා. කැනේඩියානු රජයේ සැලසුම අනුව, 2025 වනවිට මෙම වසර මෙන් 10%කින්...

Youtube නාලිකා හිමිකරුවෙකුගෙන් CID එකට නඩුවක්

'SL-Vlogs' යූ ටියුබ් නාලිකාවේ හිමිකරු වන බෲනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා. 2023 වසරේදී සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන විශේෂ තීරණයක්

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ, මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳව...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...