පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන මස 05 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඒ, එම පැමිණිල්ල අද (21) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
රිෂාඩ් බදියුදීන් මහතාව ඇප මත මුදාහරින ලෙස ඔහුගේ නීතිඥවරු විසින් මීට පෙර දින අධිකරණය හමුවේ ඉල්ලීමක් ගොනුකර තිබූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද කියා සිටියේ රටේ වර්තමානයේ පවතින තත්ත්වය මත තමන්ට රජයේ නීතිඥවරයෙකුගේ සහාය ලබා ගැනීමට නොහැකිවූ බවත් රජයේ නීතිඥවරයෙකුගේ සහය ලබාගෙන කරුණු ඉදිරිපත්කිරීම සඳහා තමන්ට දිනයක් ලබාදෙන ලෙසත් ය.