29 C
Colombo
Friday, January 24, 2025

WTC එකට පැන්න බැට් මෑන් පොලීසියට කොටු වෙයි

- Advertisement -

අළුයම් කාලය තුළ කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ඇතුළු වී සොරකම් රැසක් සිදුකළ පුද්ගලයෙකු කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා ඔහු විසින් සිදුකළ සොරකම් අවසානයේ බිත්තිවල ‘බැට් මෑන්’ යනුවෙන් තබා තිබූ සටහනක් ඇසුරින් විමර්ශන  සිදු කිරීමෙන් අනතුරුව පොලීසිය මොහුව අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුගිය 17 වෙනිදා, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුනේ 26වන මහලේ පවත්වාගෙන යන කාර්යාල හතරක මෙම සොරකම සිදුව තිබෙනවා.

විමර්ශනවලින් අනතුරුව සොරාගත් ලැප්ටොප් පරිඝණක සහ ජංගම දුරකතන ඇතුළු රුපියල් ලක්ෂ තිහක වටිනාකමකින් යුත් භාණ්ඩද පොලීසිය විසින් සොයාගෙන තිබුණා.

විමර්ශනවලදී පොලිස් නිලධාරීන්ගේ වැඩි අවධානයක් යොමු වී ඇත්තේ සොරකම් සිදුවූ සෑම කාර්යාලයකම බිත්තිවල ‘BAT MAN’ යනුවෙන් යොදාතිබූ සටහනක් සම්බන්ධවයි.

ඒ අනුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ CCTV දර්ශන පරීක්ෂා කිරීමේ දී පසුගිය 17වැනිදා අලුයම 1ට පමණ හොඳින් හැඳ පැලඳ මුව ආවරණයක්ද සහිතව ඊට ඇතුළුවන පුද්ගලයෙක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ගේ සැකය යොමු වී තිබෙනවා.

සැකකරු, යතුරු පුවරුවෙන් යතුරු ලබාගෙන එහි කාර්යාල 4කට ඇතුළු වී ලක්ෂ 30කට ආසන්න වටිනාකමක් ඇති ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකතන සොරාගන්නා අයුරු CCTV කැමරාවලද සටහන් වී තිබුණා.

එමෙන්ම සොරකම සිදුකර අවසානයේ සෑම කාර්යාලයකම බිත්තියෙහි ‘BAT MAN’ යනුවෙන් සටහනක් තබන ආකාරයද එහි සටහන්ව තිබෙනවා.

පොලිස් නිලධාරීන්ගේ සැක පළ කර තිබුණේ සැකකරු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ආරක්ෂාව සහ අභ්‍යාන්තරය පිළිබඳ හොඳින් දැන සිටි අයෙක් බවටයි.

ඒ අනුව එහි මින්පෙර සේවය කළ අයගේ ෆේස්බුක් ගිණුම් පිරික්සීමට පොලිසිය පියවර ගත් අතර, ‘BAT MAN’ගේ රුව බහුල ලෙස සටහන්ව තිබූ ගිණුමක් පිළිබඳව පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

එම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස  සැකකරු 23 හැවිරිදි ඛාලිද් රියාල් මුහෙයිදීන් නම් සුඩාන එරිත්‍රියා සම්භවයක් සහිත අයෙකු බවට හඳුනා ගැනීමට පොලීසියට හැකිව තිබුණා.  

කොළඹ ප්‍රධාන පෙළේ කැසිනෝ ශාලාවක් අසලදී අත්අඩංගුවට ගත් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වල දී අනාවරණ කර තිබුණේ, තමාගේ පියා මීට වසර කිහිපයකට පෙර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ මත්ස්‍ය අපනයනය සම්බන්ධයෙන් උපදෙස් දෙන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බවයි.

තමන් එහි අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ බවත්, ඒ අනුව එහි සෙසු කාර්යාල, ආරක්ෂාව මෙන්ම යතුරු රඳවනය පිළිබඳවද දැනසිටි බවත් ඔහු අනාවරණ කර ඇති  බව පොලීසිය සඳහන් කළා.

සොරාගත් භාණ්ඩ ඉතා අඩු මුදලකට අලෙවි කර, එම මුදලින් කැසිනෝ ක්‍රීඩා කළ බවද ඔහු පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පුනරීන් බලාගාරයට රනිල්-අදානි ගිවිසුම අනුර කැන්සල් කරයි!

මන්නාරමේ මෙගාවොට් 484 ක ධාරිතාවයකින් යුතු සුළං බලාගාර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි එස්එල් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් තීරණය...

5 ශිෂ්‍යත්වයේ දිවයිනේ ප්‍රථමයෝ

2024 ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් 18 දෙනෙකු ඉහළම ලකුණු ලබාගෙන සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් අද (24) පෙරවරුවේ...

සලෝචන ගමගේට ඇප

රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේට ඇප හිමිව තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය...

POPULAR ARTICLES

T20 යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන තරඟ මෙන්න

මැලේසියාවේ පැවැත්වෙන වයස 19න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයට සුදුසුකම් ලබාසිටින ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකරන තරග මේ වනවිට තීරණය...

පුනරීන් බලාගාරයට රනිල්-අදානි ගිවිසුම අනුර කැන්සල් කරයි!

මන්නාරමේ මෙගාවොට් 484 ක ධාරිතාවයකින් යුතු සුළං බලාගාර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි එස්එල් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් තීරණය...

5 ශිෂ්‍යත්වයේ දිවයිනේ ප්‍රථමයෝ

2024 ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් 18 දෙනෙකු ඉහළම ලකුණු ලබාගෙන සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් අද (24) පෙරවරුවේ...