බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අදත් (01) ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, ඒ සඳහා පොලිස් ස්ථාන මට්ටමින් නිලධාරීන් අනියුක්ත කර ඇති බවයි.
උත්සව සමයේ ප්‍රිය සම්භාෂණ හා විනෝද ගමන් යන පිරිස් බීමතින් රිය පැදවීමෙන් වළකින ලෙස ද ඔහු දැනුම් දෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, බීමත්ව රිය පදවන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් දී ඇති බවයි.