28.1 C
Colombo
Sunday, April 6, 2025

ආනයනය තහනමෙන් රූපලාවන්‍ය ක්ෂේත්‍රය කොට උඩ

- Advertisement -

රජය රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ උපකරණ ආනයනය තහනම් කිරීම හේතුවෙන් 50,000 ක් පමණ වන රූපවන්‍යාගාරවලින් සියයට 90 ක් වැසී යෑමේ සහ ඒවායේ රැකියාව කරන ලක්‍ෂ 4 කට අධික පිරිසෙන් සියයට 80 ක පමණ රැකියා අහිමිවීමේ අවදානමකට ලක්ව ඇති බව රූපලාවන්‍ය සහ කේෂ අලංකරණ ශිල්පීන්ගේ එකමුතුවේ සභාපති ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ජැකි අපෝන්සු මහත්මිය පැවසුවාය.

රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය තහනම ඉවත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් මීට සති තුනකට පමණ පෙර ඉල්ලීමක් කර සාකච්ඡා කීපයක් ද පැවැත්වුවද මේ දක්වා තහනම ඉවත් නොකළ බව කී ජැකි අපෝන්සු මහත්මිය එළඹෙන නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලට යෙදෙන වැඩ අධික සමයට රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ උපකරණ ලබාගැනීමට නම් අද හෙටම ආනයන තහනම ඉවත්කළ යුතු බව ද සඳහන් කළාය.

රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ උපකරණ ආනයනයට දින 45 ත් 60 ත් අතර කාලයක් ගතවන බවත් රජය ඉතාමත් ඉක්මණින් මේ පිළිබඳව අවධානය යොමුකරනු ඇති බවට විශ්වාස කරන බවත් අපෝන්සු මහත්මිය වැඩි දුරටත් කීවාය.

රූපලාවන්‍ය ක්ෂේත්‍රය පත්ව ඇති අසීරු තත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොළඹදී අද (23) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ජැකි අපෝන්සු මහත්මිය එසේ පැවසුවාය.

එම මාධ්‍ය හමුවේදී ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී බර්නි බාලසූරිය මහත්මිය පැවසුවේ මෙම තත්වය හේතුවෙන් රූපලාවන්‍ය පාඨමාලා ද ඇනහිට ඇති බවත් ඒ හේතුවෙන් රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ විදේශ රැකියාවට යෑමට ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත්ය.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ව කැඳවයි

රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන සතියේ සිදුකරන බව මැතිවරණ...

වැලිකඩ පොලිස් භාරයේ සිටි තරුණයාගේ මිය යාම ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැකකරුවෙකු මිය යාම සම්බන්ධව නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, මෙම සිද්ධිය සම්බන්ධව...

මෝදි අද අනුරාධපුරයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (06) අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිදුන්...

POPULAR ARTICLES