26 C
Colombo
Saturday, September 28, 2024

සජිත් – රනිල් සාකච්ඡා වල තිරය පිටුපස කතා

- Advertisement -

ජනාධිපතිවරණ පරාජයත් සමඟ මේ වන විට රනිල් පාර්ශවය හා සජිත් පාර්ශවය යන දෙපාර්ශවයම මේ වන විට දැඩි අර්බුදයකට පත්ව තිබෙනවා.

කෙසේවෙතත් මෙම පාර්ශව දෙකෙම සමගි වී ඉදිරි මහමැතිවරණයට තරඟ නොකලහොත් දෙපාර්ශවයේම ඡන්ද නායයෑමක් සිදුවීමට නියමිත බවට පක්ෂයේ ඉහළ පෙලේ සාමාජිකයන් නායකයන් දෙදෙනාටම අනතුරු හඟවා ඇති බවද වාර්තා වෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන මහමැතිවරණය තරඟ කිරීමට තීරණය කර නැති මුත් දැඩි හිතුවක්කාරී ලෙස ක්‍රියාකිරීම හේතුවෙන් පසුගිය මහමැතිවරණයේදී මෙන්ම මෙවරත් අන්ත පරාජයක් අත්කරගැනීමට ඉඩ ඇති බවට පක්ෂයේ ඇතැමුන් චෝදනා කරනවා.

සජිත් පාර්ශවය සමඟ සාකච්ඡා කිරීමට රනිල් වික්‍රමසිංහ එකඟතාවය පලකර ඇතත් එළැඹෙන මහමැතිවරණය සඳහා අලියා ලකුණින් ඉදිරිපත් විය යුතු බවත් තමත් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා බවටත් පැවසීම හේතුවෙන් සාකච්ඡා මෙම සාකච්ඡා නිෂ්ඵල විය හැකි බවට තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත් සජිත් පාර්ශවය සදහන් කර ඇත්තේ මහමැතිවරණය සඳහා එක් සන්ධානයක් යටතේ තරඟ කරනවා නම් එක්සත් ජාතික පක්ෂයේ නායකයා රුවන් විජේවර්ධන විය යුතු බවයි.

එමෙන්ම ටෙලිෆෝනය යටතේ සමගි ජනසන්ධානයෙන් තරඟ කල යුතු බවත් රනිල් වික්‍රමසිංහ සමඟ පසුගිය ආණ්ඩුවේ සිටි ‘කුසලානය’ හෝ ‘පුටුව’ යටතේ ඔහුට සහය දුන් කිසිදු මන්ත්‍රීවරයෙක් මෙම සන්ධානයට ඇතුළත් නොවිය යුතු බවටද සජිත් පාර්ශවය කොන්දේසි ඉදිරිපත් කර තිබෙනවා.

මීට අමතරව දූෂණ චෝදනා එල්ලවී ඇති එක්සත් ජාතික පක්ෂයේ ලොක්කන් කිසිවෙකුට නාමයෝජනා නොදිය යුතු බවත් සජිත් පාර්ශවයෙන් කොන්දේසි දමා ඇති බවට වාර්තා වනවා.

රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන මැතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් හා ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට නොයන්නේ නම් එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණය මෙහෙයවීමේ නායකත්වය රුවන් විජේවර්ධන මහතාට ලබාදෙන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ ඉහළ පෙලේ සාමාජිකයන් කිහිප දෙනෙක් රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දී තිබෙනවා.

කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තමන් කිසිසේත් එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් නොවන බවයි.

මේ වන විට සජිත් පාර්ශවය හා රනිල් පාර්ශවය අතර සාකච්ඡාවල ප්‍රගතිය අනුව සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ෂකයා ලෙසට නම් කිරීමට රනිල් පාර්ශවය කැමැත්ත පලකර තිබෙනවා.

අද (27) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ සාමාජික නවීන් දිසානායක මහතා පැවසුවේ එවන් තීරණයක් ගෙන ඇති බවත් එක්වීමෙන් තොරව රටට මෙන්ම තමන්ටද අනාගතයක් නොමැති බවත්ය.

මේ අතර සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද අමරවීර හා ලසන්ත අලගියවන්න සමගි ජනබලවේගය පක්ෂය හා ඉදිරියේදී එක්වීමට සූදානම් බවටද තොරතුරු වාර්තා වනවා.

කෙසේවෙතත් පසුගිය ජනාධිපතිවරණ සමයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට සමගි ජනබලවේගය පක්ෂය හා එක්වූ කිහිප දෙනෙකුටම ඉදිරි මහමැතිවරණයේදී නාමයෝජනා නොදීමටද තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.


https://www.news19.lk/why-did-nipunarachchi-fall-from-the

https://www.news19.lk/a-crucial-discussion-with-ranil-about-the-gener

RECENT ARTICLES - SINHALA

E- Visa ගාස්තුව නොසිතූ ගානකින් පහළට

වීසා නිකුත් කිරීම යළිත් පැරණි ක්‍රමවේදයට ක්‍රියාත්මක කිරීමත් සමඟ ඊ-වීසා නිකුත් කිරීම සඳහා අය කරන ගාස්තුව ඩොලර් 1.25 දක්වා අඩු වී තිබෙනවා. එය මින් පෙර...

කාලගුණයෙන් ජනතාවට හදිසි නිවේදනයක් 

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (27) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වෙන...

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව නඩුවක්

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩුවක් ගොනු කිරීමට අපේක්ෂා කරන බව පරිසර යුක්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී...

POPULAR ARTICLES

හොරු අල්ලන්න ආපු විජිත (Photo)

0
මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් ඊයේ(25) කොළඹ චීන තානාපති කාර්යාලය විසින් උත්සවයක් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සඳුදාට (30) පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. ඔහු සඳහන්...

සාමාන්‍ය පෙළ කළ සිසුන්ට සුබ ආරංචියක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. ඒ අනුව,...