28.4 C
Colombo
Friday, November 22, 2024

ගෙවත්තේ පින්තූර ෆේස්බුක් දැමූ ඉන්දීය යුවළක් හිරේ ගිහින්

- Advertisement -

සිය නිවසේ බැල්කනියේ වගා කර තිබූ පැළවල ඡායාරූප කිහිපයක් ෆේස්බුක් දැමූ බැංගලෝරයේ යුවලක් ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඔවුන්ගේ වගා කර ඇති පැළ අතර මල් බඳුන් තුළ වගා කර තිබූ ගංජා පැළ නිරීක්ෂණය වීමත් සමඟයි.

මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ එම්එස්ආර් නගර් හි ක්ෂණික ආහාර වෙළඳ සැලක් පවත්වාගෙන යන 37 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 38 හැවිරිදි කාන්තාවක්.

මෙම යුවල සිය බැල්කනියේ වගා කර තිබූ විසිතුරු පැළ අතර ගංජා පැළද ඇතුළත්ව තිබී ඇති අතර ඇය එහි ඡායාරූප ෆේස්බුක්හි පළ කිරීමෙන් අනතුරුව එය නිරීක්ෂණයට ලක් වූ අයෙක් ගංජා පැළ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

කෙසේවෙතත්, පොලීසිය එම ස්ථානයට පැමිණෙන විට අදාළ ඡායාරූප පළ කළ කාන්තාව මල් බඳුන් ගංජා පැළ ගලවා ඉවත් කර තිබුණත් එම ස්ථානයේ ගංජා පැළ තිබූ බව පොලීසිය විසින් තහවුරු කරගෙන තිබුණා.

ඒ ගංජා කොළ කිහිපයක් බඳුන්වල ඉතිරි වී තිබීම හේතුවෙන්.

පසුව එලෙස ගංජා වගා කළේ ලාභයට විකිණීමේ අරමුණින් බව අදාළ යුවළ පිළිගෙන ඇති අතර ඔවුන් සතුව තිබී ගංජා ග්‍රෑම් 54ක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබුණා.

එමෙන්ම ඔවුන් තවදුරටත් මත්ද්‍රව්‍ය බෙදා හැරීමකට සම්බන්ධ වී ඇත්දැයි සොයා බැලීම සඳහා ඔවුන්ගේ ජංගම දුරකථන ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අදාළ යුවළේ කාන්තාව මුල් අවස්ථාවේදී ඡායාරූප පළ කළ බව ප්‍රතික්ෂේප කර තිබුණත් පසුව පොලිසිය විසින් එය තහවුරු කර ගෙන තිබුණා.

අත්අඩංගුවට ගැනීමෙන් පසු එම යුවළ ස්ථානීය ඇප මත මුදා හැර ඇති අතර ඔවුන්ට එරෙහිව මත්ද්‍රව්‍ය සහ මනෝවිද්‍යාත්මක ද්‍රව්‍ය (NDPS) පනත යටතේ නඩු පැවරීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ව්‍යාජ ආලේපන තොගයක් පිටකොටුවෙන් හොයාගෙන

ප්‍රසිද්ධ වෙළඳ නාමයක් ව්‍යාජ ලෙස යොදා ගනිමින් සැකසූ හිසකෙස් කළු කරන ව්‍යාජ ආලේපන තොගයක් ව්‍යාපාරිකයන් තිදෙනෙකු සමඟ පිටකොටුව පැරණි නගර ශාලා ගොඩනැගිල්ලේ හා පීපල්ස්...

කුවේට්හි සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

කුවේට් රාජ්‍යයේ සේවය කරන සියලුම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තම ඇඟිලි සලකුණු එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් නිවේදනය කර ඇති ස්ථාන වලට ලබාදෙන ලෙස ශ්‍රී...

සිරිකොත අසළ උණුසුම් තත්වයක්

එක්සත් ජාතික පක්ෂයේ අරටුව සංවිධානය ,එක්සත් ජාතික පක්ෂය නැවත නඟා සිටුවීම පිණිස ව්‍යාපෘතියක් භාරදීම සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ තිබෙනවා. මෙම සංදේශය හිටපු ජනාධිපති රනිල්...

POPULAR ARTICLES