28.4 C
Colombo
Monday, December 2, 2024

බයිඩන් පුතුට සමාව දීලා

- Advertisement -

ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, සිය පුතු හන්ටර් බයිඩන්ට ජනපති සමාව ලබා දී තිබෙනවා.

හන්ටර් බයිඩන්ට බරපතල චෝදනා දෙකක් එල්ල වී ඇති අතර, අධිකරණය හමුවේ එම චෝදනා දෙකටම ඔහු වරදකරු වී සිට තිබුණා.

කෙසේවෙතත් පුතු හන්ටර්ට ජනාධිපති සමාව දී ඇත්තේ, ඔහුට දඬුවම් නියම කිරීමට සූදානම් වී ඇති අවස්ථාවකයි.

නීතීඥවරයකු මෙන්ම ව්‍යාපාරිකයකු ද වන 54 වියේ පසුවන හන්ටර් බයිඩන් බදු වංචා සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ අතර, ඊට අමතරව ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි කාලය තුළ ගිනි අවියක් මිල දී ගෙන එය සන්තකයේ තබා ගැනීම යන වරදට එරෙහිව දඬුවම් නියමව සිටියා.

ඒ, අනුව එම වරද දෙකට ජනාධිපති සමාව ලබාදුන් ජෝ බයිඩන් පවසා සිටියේ තම පුතාට අසාධාරණ අයුරින් චෝදනා එල්ල වූ බවත්, එම චෝදනා හමුවේ ඔහු හුදෙකලා වීම සැලකිල්ලට ගනිමින් ඔහුට සමාවදීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත් ජෝ බයිඩන් සිය බලතල භාවිතය කරමින් සිදුකළ මෙම ක්‍රියාව කිසිසේත් අනුමත කළ නොහැකි බවයි ප්‍රතිවාදී රිපබ්ලිකන්වරු චෝදනා කර සිටියේ.

මේ අතර මෙම නිල සමාවදීම නව ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට හෝ අවලංගු කළ නොහැකි බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

මහවිරු සැමරුම් ප්‍රචාරය කිරීමේ සිද්ධිය: එක් අයෙකුට ඇප

මහවිරු සැමරුම් උත්සව පැවති බවට අසත්‍ය තොරතුරු පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවකට  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කැළුම් හර්ෂණ නැමැත්තාට කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය...

අනුර මගේ වැඩ පිළිවෙලම ගෙනියනවා – රනිල් (වීඩියෝ)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තමා එකඟ වූ ප්‍රතිපත්ති රාමුව ඉදිරියට ගෙන යෑම ගැන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ වත්මන් ආණ්ඩුවට ප්‍රශංසා කරන බව...

ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවය විසුරුවා හැරීමේදී උණුසුම් තත්ත්වයක්

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයින් විසුරුවා හැරීම සඳහා පොලීසිය මේ වනවිට කටයුතු කර තිබෙනවා. එම අවස්ථාවේදී එහි...

POPULAR ARTICLES