ඩෙල්ටා ප්‍රභේදයට වඩා වත්මන් ආණ්ඩුවේ උද්දච්ච ප්‍රභේදය, ලැජ්ජා නැති ප්‍රභේදය සහ මරිමෝඩ ප්‍රභේදය භයානක බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.
ඒ, අද (14) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ලක්ෂ 30කට එන්නත් දුන් බව පැවසුවද එය සිදුව ඇත්තේ ප්‍රමුඛතා අනුපිළිවෙලකට නොවන බව හෙළිවෙමින් ඇති බවත් එන්නත්කරණ ප්‍රමුඛතාව අනුව වැඩිහිටියන් ආවරණය කරගැනීමට ආණ්ඩුව අපොහොසත් වී තිබීමෙන් එය වඩාත් තහවුරු වන බවත් ඒ මහතා පවසනවා.
කොවිඩ් මර්දන බලකායේ අසාර්ථකභාවය හේතුවෙන් කොවිඩ් මරණ ප්‍රමාණය මෙලෙස ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව, මේ වන විට 5000 ඉක්මවා වාර්තා වී තිබෙන සියලුම කොවිඩ් මරණ වෙත ආණ්ඩුව වගකිව යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටිනවා.