27.2 C
Colombo
Saturday, November 16, 2024

පොහොරවලිනුත් බිලියනයක් ගසා කාලා

- Advertisement -

රජය වී ගොවීන්ට ලබා දෙන යූරියා, MOV, TSD පොහොර සඳහා පොහොර ලේකම් කාර්යාලය විසින් රසායනික වාර්තා ව්‍යාජ ලෙස සකස් කර රුපියල් බිලියනයකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ඊයේ (03) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා.

පසුගිය 2018, 2019 වර්ෂයන් තුළ පොහොර ලේකම් කාර්යාලය විසින් ආනයනය කරන ලද පොහොර සදහා ව්‍යාජ රසායනික වාර්තා හා කූට ලේඛන සකස් කල බව කියන අක්‍රමිකතාව පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම විමර්ශනය ආරම්භ කර තිබෙනවා.

මහවැලි කෘෂිකර්ම වාරි මාර්ග ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබේ.

ඒ අනුව පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනකුගේම වැඩ තහනම් කර ඇති බව ද වාර්තා වේ.

මෙතෙක් සිදු කරන ලද විමර්ශන වල දි මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජයසූරිය ආරච්චිගේ අමිත් රොෂාන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ නීති නිලධාරී ලොකුනාරංගොඩගේ ගයාන් හෙක්ටර් යන අයගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියා.

ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ මෙම සිදුවීමේදි දණ්ඩ නීති සංග්‍රහයේ 386, 388, 389, 391, 398, 399, 402, 454 යන වගන්ති ප්‍රකාරව වරදවල් සිදු වි ඇති බවට සිදු කරන ලද මූලික විමර්ශන වලදී අනාවරණය වූ බවයි.

කරුණු සලකා බැලූ අධිකරණය සියලු විමර්ශන සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරවලට නම් කළ හැකි අය ගැන පැහැදිලි කිරීමක්

මැතිවරණයට තරග කළ පැරදුණු අපේක්ෂකයින් හෝ ජාතික ලැයිස්තුවෙන් හැර වෙනත් පුද්ගලයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කිරීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල්...

POPULAR ARTICLES