25.6 C
Colombo
Thursday, November 28, 2024

සමාජ මාධ්‍ය අවහිර කිරීම ඇමති නාමල්ට විහිළුවක් වෙලා

- Advertisement -

අද පෙරවරුවේ පටන් මෙරට සිට සමාජ මාධ්‍යවලට පිවිසීම රජය විසින් අවහිර කර තිබීම මේ වන විට ක්‍රීඩා අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතාට විහිළුවක් වී ඇති ආකාරයක් දක්නට ලැබෙනවා.

සිය instagram ගිණුමේ Story එකක් ලෙස ඔහුම පලකළ ට්විට්ර් පණිවුඩයක් ප්‍රසිද්ධියට පත්කරමින් නාමල් රාජපක්ෂ මහතා සදහන් කරන්නේ සමාජ මාධ්‍ය තහනම් කර ඇති බව සමාජ මාධ්‍ය තුළින්ම දැනගන්නා එකම රට ශ්‍රී ලංකාව බවයි.

මෙය නාමල් රාජපක්ෂ මහතා 2019 වසරේ පලකළ ට්විටර් පණිවුඩයක් බව එහි සටහන් වනවා.

එම ට්විටර් පණිවුඩයෙහි තිර සටහනක් (Screen Shot) මෙලෙස නාමල් රාජපක්ෂ මහතා අද නැවත පලකර තිබෙනවා.

මේ අතර නාමල් රාජපක්ෂ මහතා අද (03) දිනයේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරන්නේ සමාජ මාධ්‍ය අවහිර කිරීම තමන් කිසිසේත්ම අනුමත නොකරන බවයි.

එම නිසා මෙම තීරණය නැවත සළකා බලන ලෙස තමන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

කෙසේ වෙතත් මෙරට ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේද නාමල් රාජපක්ෂ මහතායි.

ඔහු යටතේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා අනුබද්ධ ආයතන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගම හා පාලිත සමාගම් හා ආශ්‍රිත ආයතන, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යන ආයතන පවතිනවා.

සමාජ මාධ්‍ය අවහිර කිරීමට කටයුතු කර ඇත්තේද නාමල් රාජපක්ෂ මහතා යටතේ ඇති ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවම වන තත්ත්වයක් යටතේ නාමල් රාජපක්ෂ මහතාගේ මෙම ට්විටර් පණිවුඩය විකාරකාරී ස්වරූපයක් ගන්නවා.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිවේදනය කළේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලිඛිත ඉල්ලීමකට අනුව ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්, ට්විටර්, යූ ටියුබ් වැනි සමාජ මාධ්‍යජාල තාවකාලිකව අවහිර කිරීමට කටයුතු කළ බවයි.

මෙවැනි පසුබිමක් යටතේ නාමල් රාජපක්ෂ මහතා යටතේ ඇති ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිවරයා වන ඕෂධ සේනානායක මහතා අද (03) ඉල්ලා අස්වීමට කටයුතු කිරීමද විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

නාවලපිටියේ නිවාස 06ක් ගිලා බැහැලා

නාවලපිටිය පොලිස් වසමට අයත් පල්ලේගම ඉහල ටිල්ටන් ගම්මානයේ නිවාස හයක් ඊයේ (27) දින සිට ගිලා බැසීමට ලක්ව තිබෙන බවට වාර්තා වනවා. මේ හේතුවෙන් එම නිවාස...

අලුත් සොලිසිටර් ජෙනරාල්වරයෙක්

ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා සොලිසිටර් ජෙනරාල්වරයා ලෙස පත්කර තිබෙනවා. ඔහු ඊට පෙර ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ලෙස කටයුතු කර තිබුණා. 2020 ජනවාරි සිට 2023 ජනවාරි...

නුවරඑළියට තද වැසි – උඩරට දුම්රිය නානුඔයට සීමා වෙයි

නුවරඑළිය ප්‍රදේශයට තවදුරටත් අධික වැසි පතිත වීම හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් අඛණ්ඩව විවෘත කර ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවරයෙක් පවසනවා. ඉහළ...

POPULAR ARTICLES

නාවලපිටියේ නිවාස 06ක් ගිලා බැහැලා

නාවලපිටිය පොලිස් වසමට අයත් පල්ලේගම ඉහල ටිල්ටන් ගම්මානයේ නිවාස හයක් ඊයේ (27) දින සිට ගිලා බැසීමට ලක්ව තිබෙන බවට වාර්තා වනවා. මේ හේතුවෙන් එම නිවාස...

මෙරට දේශපාලනයේ කාන්තා නියෝජනය

1931 ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට පසුගිය සැප්තැම්බර් 24 නමවන පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක්, ගෙවී ගිය වසර 87ටම ව්‍යවස්ථාදායකය නියෝජනය කර ඇත්තේ කාන්තාවන් 71...

අලුත් සොලිසිටර් ජෙනරාල්වරයෙක්

ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා සොලිසිටර් ජෙනරාල්වරයා ලෙස පත්කර තිබෙනවා. ඔහු ඊට පෙර ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ලෙස කටයුතු කර තිබුණා. 2020 ජනවාරි සිට 2023 ජනවාරි...