මියගිය ඩොල්ෆින් මසුන් කිහිපදෙනෙකුගේ සිරුරු විල්පත්තු ජාතික උද්‍යාන මුහුදු සීමාවේ කොල්ලන් කනත්ත ප්‍රදේශයේ වෙරළට ගොඩගසා ඇති බවට මොල්ලිකුලම අඩවි ආරක්ෂක කාර්යාලයට ලද තොරතුරක් මත වනජීවී නිලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
අනුරාධපුර වනජීවී පශු වෛද්‍ය කාර්යාලයේ චන්දන ජයසිංහ මහතා සහ ඩබ්. එල්. යූ. මධුවන්ති යන වනජීවී පශු වෛද්‍යවරු විසින් මසුන්ගේ මරණ පරීක්ෂණය සිදුකරනු ලබනවා.
එහි මියගිය ඩොල්ෆින් මසුන් 11 දෙනෙකු සිට ඇති අතර මසුන්ගේ සිරුරු පරික්ෂා කිරීමෙන් පසු වෛද්‍යවරු අනුමාන කර ඇත්තේ මෙම සතුන් දැලක පැටලී මියගොස් වෙරළට ගොඩගසා ඇති බවයි.
අදාළ තොරතුරු ඊයේ (07) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
කෙසේවෙතත් එය වැඩිදුරටත් සනාථ කරගැනීම සඳහා වාර්තාවක් ලබාගැනීමට සතුන්ගෙන් ලබාගත් සිරුරු කොටස් පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය වෙත යොමුකර තිබෙන බවයි පැවසෙන්නේ.