ඥාතීන් හා භාරකරුවන් භාර නොගත් කොවිඩ් – 19 ආසාදිතව මියගිය අයගේ මළ සිරුරු රජයේ කිහිපයක් මේ වන විටත් රජයේ රෝහල්වල මෘත ශරීරාගාරවල එක් රැස්ව ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එබැවින් එම පුද්ගලයන්ගේ අවසන් කටයුතු රජයේ වියදමින් ආදාහනය කිරීම නියමිත බවත් එම නිවේදනයේ සදහන් වේ.
මේ සඳහා වැයවන පිරිවැය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ලබා දීමට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇතැයි එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කරයි.
- කෝප් කමිටුවට නව සභාපතිවරයෙක්
- මම ප්‍රශස්ත මාධ්‍යකරණයක නිරත වුණා – දිලිත් ජයවීර
- නව විනිසුරුවරුන් ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවැරදි කිරීමක්
- මහාධිකරණයට නව විනිසුරුවරුන් දෙදෙනෙක්
- විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට