26 C
Colombo
Friday, January 24, 2025

තියුණු කැපුම් තුවාල සහිත පිරිමි මළ සිරුරක් සොයාගැනේ

- Advertisement -

නුවරඑළිය මීපිළිමාන ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ පිරිමි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කර තිබෙනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මීපිලිමාන පිහිටි නිවසක සේවය කළ කොටහේන ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි සුන්දරලිංගම් නැමති පුද්ගලයෙක්.

පොලීසිය පවසන්නේ නාඳුනන කණ්ඩායමක් විසින් අද (09) පෙරවරු 05.30 ත් 06ත්  අතර කාලය තුළ සැලසුම් සහගත ලෙස මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

පහරදීම සිදුවන විට නිවස තුළ මියගිය පුද්ගලයාට අමතරව නිවසේ හිමිකාරිනියද රැඳී සිට තිබෙනවා.

පහරදීමෙන් අනතුරුව ඇයද තුවාල ලබා නිවසේ ජනේලයකින් පැන ගොස් අසල්වැසියන්ගේ සහයෝගය ඇතිව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් වී ඇති අතර ඇය මේ වන විට නුවරඑළිය  දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙනවා.

පොලීසිය සැක කරන්නේ කාලයක් තිස්සේ පැවති ඉඩම් ආරවුලක් පදනම් කරගෙන මෙම පහරදීම හා මිනීමැරුම  සිදුකර ඇති බවයි.

පහර දුන් පුද්ගලයන් සොයා ගැනීමට අපහසු වන අන්දමින් නිවස වටා භූමිතෙල් සහ මිරිස් කුඩු හලා ගොස් ඇති අතර අදාළ පිරිස විසින් නිවසේ ඉදිරිපස ජනෙල් දොරවල්වලට පහර දී ඒවා ද විනාශ කර නිවස තුළ තිබූ ඇඳක්ද ගිනි තබා තිබෙනවා.

නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය සිදු කළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ මෙම සැකකාර කණ්ඩායම ඝාතනයෙන් පසුව එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවයි.

දීර්ඝ කාලයක් පුරාවට අදාළ ඉඩමේ මුල් අයිතිකරුගෙන් නීති විරෝධී වශයෙන් එහි සේවය කළ රියදුරෙකු විසින් ඉඩමේ අයිතිය ලබා ගැනීම සම්බන්ධව ඇතිවුණු ගැටලුකාරි තත්ත්වයන් කිහිපයක් පිළිබඳව පැමිණිලි කිහිපයක්ම නුවරඑළිය පොලිසිය වෙත ලැබී ඇති බව පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

මහනුවර සහ මහියංගන මාර්ග දෙකක් තාවකාලිකව වසා දැමෙයි

මහනුවර සහ මහියංගන මාර්ග කිහිපයක් නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා. මෙලෙස වසා දැමීමට පියවර ගෙන ඇත්තේ තැන්නේකුඹුර - රිකිල්ලගස්කට- රාගල...

ලංකාවෙන් පිට කළ වත්කම් ගන්න ස්විට්සර්ලන්තයේ සහය

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති...

Breaking: මහින්දගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික...

POPULAR ARTICLES

මහනුවර සහ මහියංගන මාර්ග දෙකක් තාවකාලිකව වසා දැමෙයි

මහනුවර සහ මහියංගන මාර්ග කිහිපයක් නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා. මෙලෙස වසා දැමීමට පියවර ගෙන ඇත්තේ තැන්නේකුඹුර - රිකිල්ලගස්කට- රාගල...

ලංකාවෙන් පිට කළ වත්කම් ගන්න ස්විට්සර්ලන්තයේ සහය

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති...

‘වෝන් – මුරලි’ ටෙස්ට් තරඟයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත තරඟ 2කින් යුත් 'වෝන් - මුරලි' ටෙස්ට් තරඟාවලිය සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (24) නම් කර...