මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පළායෑමට උත්සහ දැරු රැඳවියෙකුට වෙඩි වැඳි මිය යෑම සම්බන්ධයන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
අදාල විමර්ශණය කෑගල්ල සහකාර බන්ධනාගාර අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ඇත. පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනයට යොමුකර සිටි රැඳවියන් පස් දෙනෙකු නොවැම්බර් 17 වන දින අලුයම උත්සහ කර ඇති බවත් ඒම උත්සහයේදී ඒක් රැඳවියෙකු වෙඩි වැඳී මිය ගොස් තවත් රැඳවියන් දෙදෙනෙකු තුවාල ලබා ඇත. අනෙක් රැදවියා පලාගොස් තිබුණු අතර අද දහවල් මහනුවර නගරයේදී ඔහුව අත්අඩංගුවට ගෙන දින 14 ක් නිරෝධායනය සදහා යොමු කර ඇත.
කෙසේ වෙතත් පසුගිය මාර්තු මාසයේ සිට මේ ආකාරයෙන්ම පලා යන්නට ගොස් අනුරාධපුර, මහර බන්ධනාගාරවල රැඳවියන් 3ක් මියගිය අතර තවත් මොනරාගල බන්ධගාරයේ රැඳවියෙකුට බන්ධනාගාර නිලධාරීන් පහර දීම නිසා මිය ගොස් තිබුණි.