31 C
Colombo
Friday, October 18, 2024

චීන – ශ්‍රී ලංකා ඉපැරණි මිතුදම ගැන කෘතියක් එළි දකී

- Advertisement -

චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිතුදමේ ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමය විසින් ප්‍රකාශයට පත්කරන මා හැඟි කෘතියක් එළඹෙන බ්‍රහස්පතින්දා (16)  දිනයේ එළිදැක්වීමට කටයුතු යොදා තිබෙනවා.

“ශ්‍රී ලංකා – චීන මිතුදම” කෘතිය සංස්කරණය කර ඇත්තේ, ශ්‍රි ලංකා – චීන මිත්‍ර සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ ආනන්ද ගුණතිලක මහතා ප්‍රමුඛ මණ්ඩලයක් විසින්.

එම කෘතිය තුළ කලා, දේශපාලන,ආර්ථික සහ සාමාජීය වැනි ක්ෂේත්‍ර රැසක සාරගර්භ ලිපි රැසක් අන්තර්ගත කර තිබෙනවා.

විවිධ විද්වතුන්, බුද්ධිමතුන් රැසක බුද්ධිමය දායකත්වයෙන් සංග්‍රහ කර ඇති මෙම කෘතිය එළැඹෙන 16 වැනි බ්‍රහස්පතින්දා සවස 3.00ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ මණ්ඩල ශ්‍රවණාගාරයේදී දොරට වැඩීමට නියමිතයි.

උත්සවය සඳහා ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු කතානායක කරු ජයසූරිය, ශ්‍රී ලංකාවේ චීන තානාපතිතුමන් ඇතුළු සම්භාවනීය පිරිසක් පැමිණීමටද නියමිතව බවද සඳහන්.

මෙම උත්සවය සඳහා සහභාගීවීමට කැමති සියලුම දෙනා හට නොමිලයේ මෙම කෘතිය පිරිනැමීමට ශ්‍රි ලංකා – චීන මිත්‍ර සංගමය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා ඔබ විසින් කළ යුත්තේ 071 809 8970 අංකයට අමතා ඔබේ විස්තර ලබාදී පැමිණීම සනාථ කිරීම පමණයි.

RECENT ARTICLES - SINHALA

කොළඹ – මඩකලපුව සියලුම දුම්රිය ගමන්වාර අවලංගු කෙරේ

කොළඹ කොටුව සහ මඩකලපුව අතර අද (18) දිනට නියමිත සියලුම දුම්රිය ගමන්වාර අවලංගු කර තිබෙනවා. කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ...

මාදම්පිටියේ ඝාතනයට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය කනත්ත ඉදිරිපිටදී පසුගිය බදාදා (16) වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙකුට කාර්...

ආදායම් වියදම් වාර්තා ගැන මහ මැතිවරණ අපේක්ෂකයන්ට පණිවිඩයක්

මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය...

POPULAR ARTICLES

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...