කොවිඩ් රෝගීන් සමඟ නිතර ගැටෙන සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඉදිරිපෙළ සාමාජිකයන්ට තෙවැනි මාත්‍රාවක් ලෙස බූස්ටර් එන්නත ලබාදීමේ කටයුතු අද (01) බස්නාහිර පළාතින් ආරම්භ කෙරුණා.
ඒ අනුව අද දිනයේ කොළඹ නගරයේ ස්ථාන කිහිපයකදී සෞඛ්‍ය හා ආරක්ෂක අංශ නිලධාරීන්ට බූස්ටර් එන්නත ලබාදුන්නා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නේ යළිත් කොවිඩ් රෝගීන්ගේ හා කොවිඩ් මරණවල වර්ධනයක් සිදුව ඇති බවයි.