29 C
Colombo
Wednesday, January 8, 2025

නව නිපැයුම් කොමිසම‍ට පත් වුණ ලොක්කෝ

- Advertisement -

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් සහ සහකාර කොමසාරිස්වරුන් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

1979 අංක 53 දරන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමේ පනතේ 4(1) වගන්තිය අනුව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, අමාත්‍යවරයාගේ නිර්දේශය මත අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන කොමසාරිස්වරයෙකුගෙන් සහ සහකාර කොමසාරිස්වරුන් දෙදෙනෙකුගෙන් සමන්විත විය යුතුයි.

මේ වන විට ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ සියලුම සාමාජිකයින් ඉල්ලා අස් වී ඇති අතර, පුරප්පාඩු සඳහා කොමසාරිස්වරයෙකු සහ සහකාර කොමසාරිස්වරුන් දෙදෙනෙකු පත් කළ යුතුව තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස්වරයා ලෙස මහාචාර්ය වෙරන්ජ කරුණාරත්න මහතා පත් කිරීමටත්, එම කොමිසමේ සහකාර කොමසාරිස්වරුන් ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්.එම්. ජී. රාජපක්ෂ මහතා සහ වෛද්‍ය එන්.ආර්.එස්. ආරියරත්න මහතා පත් කිරීමටත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාක්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

LankaQR ගෙවීම්වලදී වෙළඳුන්ගෙන් ගන්න ගාස්තුව දෙගුණයකින් වැඩි කරලා

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දී ඇති ඩිජිටල් ගෙවීම් ක්‍රමයක් වන LankaQR මඟින් ගෙවීම් ලබා ගැනීමේදී ව්‍යාපාර ආයතනවලට දැරීමට සිදුවන ගාස්තුව 2025 ජනවාරි...

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට පොහොට්ටුවෙන් නීතිඥ කාර්යාලයක්

දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිඥ කාර්යාලයක් විවෘත කිරීමට තීරණය කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ඔහු මේ බව...

විල්පත්තුවෙන් මියගිය ඩොල්ෆින් මසුන්ගේ සිරුරු හමුවෙලා

මියගිය ඩොල්ෆින් මසුන් කිහිපදෙනෙකුගේ සිරුරු විල්පත්තු ජාතික උද්‍යාන මුහුදු සීමාවේ කොල්ලන් කනත්ත ප්‍රදේශයේ වෙරළට ගොඩගසා ඇති බවට මොල්ලිකුලම අඩවි ආරක්ෂක කාර්යාලයට ලද තොරතුරක් මත...

POPULAR ARTICLES