30 C
Colombo
Wednesday, February 19, 2025

මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්

- Advertisement -

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19)  මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇති බව පොලීසිය පවසනවා.

එම සිද්ධිය හේතුවෙන් රෝහල් වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට එරෙහිව මියගිය අයගේ ඥාතීන් දැඩි විරෝධතාවක් දැක්වුවා.

මන්නාරම පට්ටිතෝට්ටම් ප්‍රදේශයේ පදිංචි මෙම ගැබිණිය ස්වභාවික දරු උපතක් සදහා ඊයේ (19) මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබුණා.

සිය දරුවා ප්‍රසූත කිරිම සඳහා අදාල මව මන්නාරම් රෝහලේ ප්‍රසව වාට්ටුවට ඇතුලත් කිරීමෙන් පසුව ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් දරුවා ප්‍රසූත කිරීමට ආසන්නව ඇති බවට රෝහල් කාර්ය මණ්ඩලය දැනුම් දී අදාල මව ප්‍රසූත කාමරයට රැගෙන ගොස් තිබෙනවා.

එහිදී දරුවා ප්‍රසූත කරවීමට ගත් උත්සහයකදී දරුවා සහ මව මිය ගොස් ඇති බවටත් රෝහල් බලධාරීන්ගේ නොසැලකිල්ල මත මෙම මරණයන් සිදුව ඇතැයි පවසමින් ඥාතීන් විසින් රෝහල් බලධරින්ට එරෙහිව විරෝධතාව දැක්වුවා.

එහිදී ඥතීන් විසින් චෝදනා කොට ඇත්තේ මිය ගිය මවගේ සිරුර බැලීමට පවාද රෝහල් බලධරීන් විසින් අවස්ථාවක් ලබානොදුන් බවයි.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දය ගැන විශේෂ ගැසට්ටුවක්

එක් එක් මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සභිකයින්ගේ ධුර කාලය 2025 ජුනි මස 02 වැනි දින සිට ආරම්භ විය යුතු බව දැනුම්...

අප්‍රේල් මාසෙන් පස්සේ එන ඩිජිටල් හැඳුනුම්පත

ඩිජිටල් හැඳුනුම්පත එළඹෙන අප්‍රේල් මාසයෙන් පසු නිකුත් කිරීමට කටයුතු කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, ඒ සඳහා දත්ත...

හරක් කටාට උදවු කළ සැකකරුවන් දෙදෙනෙක් ලංකාවට ගෙන එයි

ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරීම මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ , මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන්...

POPULAR ARTICLES