30 C
Colombo
Sunday, October 6, 2024

ප්‍රසංගයක සිංදු කියන්න ගිය පොහොට්ටු මන්ත්‍රීට බෝතල් ප්‍රහාරයක්

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමල් චින්තක මායාදුන්නේ මහතාට බෝතල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මන්ත්‍රීවරයා පුත්තලම, වනාතවිල්ලුව ක්‍රීඩාංගණයේ පැවැති සංගීත සංදර්ශනයක ගීත ගායනා කිරීමට වේදිකාවට ගොඩ වුණු අවස්ථාවකදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වෙන්නේ.

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ දී පසුගිය සිකුරාදා (5) රාත්‍රී සිට අලුයම දක්වා පැවැති සංගීත සංදර්ශනයට ආරාධිතයෙකු ලෙස මන්ත්‍රීවරයා සහභාගි වී තිබෙනවා.

පොලීසිය පවසන්නේ එහිදී ඔහු ගීතයක් ගායනා කිරීම සඳහා වේදිකාවට ගොඩ වූ අවස්ථාවේදී  මෙම බෝතල් ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයෙන් මන්ත්‍රීවරයාට හානියක් සිදුව නැතත් ඔහු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

වනාතවිල්ලුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

එන්නතකින් පසු තරුණියක් මියයෑමේ සිද්ධිය විමර්ශනයට විශේෂඥ කමිටුවක්

සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේදී එන්නතක් විෂ වීමෙන් තරුණියක මියගියා යැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත්කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය...

රත්‍රං සමඟ කාන්තාවන් දෙදෙනෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 75ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ...

අනුරාධපුර හිටපු සභාපතිගේ පුතා අයිස් සමඟ මාට්ටු

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ 5කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා. වසරක කාලයක...

POPULAR ARTICLES

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත වෙයි

වසර 19ක කාලයක් වසා දමා තිබූ කොළඹ අරලියගහ මන්දිරය අසක මාර්ගයක් ඊයේ (04) සවස් කාලයේදී මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා. මෙසේ විවෘත කර ඇත්තේ ආර්....