ප්‍රසිද්ධ පුද්ගලයන් සහ විශේෂ සන්නාම කිහිපයකට අයත් ගිණුම්වලට එල්ල වූ සයිබර් ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර ගනිමින් සිටින බව ටික් ටොක් සමාගම දැනුම් දී තිබෙනවා.
එම සමාගම පවසා ඇත්තේ Tik Tok සමාජ මාධ්‍ය ජාලය භාවිත කරන ඉතා සීමිත වු පිරිසක් මෙම සයිබර් ප්‍රහාරයට ගොදුරු වී ඇති බවයි.
CNN පුවත් සේවය මෙන්ම ඇමරිකානු මාධ්‍යවේදිනයක් වන පැරිස් හිල්ටන් යන අයගේ ටික් ටොක් ගිණුම් මෙම සයිබර් ප්‍රහාරයට හසුව තිබෙනවා.
ටික් ටොක් සමාගම තවදුරටත් පවසා ඇත්තේ නැවතත් ආරක්ෂාකාරීව ඔවුන්ගේ ගිණුම් වෙත ප්‍රවේශ වීම සඳහා අවස්ථාව ලබා දීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.