31 C
Colombo
Friday, October 18, 2024

Breaking:කොන්ක්‍රිට් බොක්කුවක් ඇග මතට පෙරලිමෙන් පාසල් සිසුවෙකු ජිවිතක්ෂයට

- Advertisement -

පාසල් භුමියේ ගොඩ ගසා තිබු කොන්ක්‍රිට් බොක්කුවක් ඇග මතට පෙරලිමෙන් පාසල් සිසුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බවට වාර්තා වනවා.

තේ වත්තක සංවර්ධන කටයුත්තක් සදහා රැගෙන විත් පාසල් භුමියේ ගොඩගසා තිබු කොන්ක්‍රිට් බොක්කුවක් ඇග මතට පෙරලිමෙන් බරපතල ලෙස තුවාල ලැබු පාසල් සිසුවාකු රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව මස්කෙලිය පොලිසිය පවසනවා.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ මස්කෙලිය ගාඩ්මොර් වතුයායේ පදිංචි එම පාසලේ 6 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි එස්.අනිෂන් නැමති (11) හැවිරිදි පාසල් සිසුවෙක්.

ජිවිතක්ෂයට පත් පාසල් සිසුවා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමග අද (04) පස්වරු 1.30 ට පමණ වැසිකිලිය වෙත යාම සදහා පැමිණි අවස්තාවේදී පාසල් භුමියේ ගොඩගසා තිබු කොන්ක්‍රිට් බොක්කුවක් සිසුවාගේ ඇග මතට පෙරලිම නිසා වැසිකිලියේ බිත්තියට සිරවි බරපතල තුවාල ලබා තිබෙනවා.

පසුව පාසලේ ගුරුවරුන් සහ අසල්වාසින් එක්ව තුවාල ලබා සිටි පාසල් සිසුවා සුවසැරිය ගිලන් රථය මගින් මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ජිවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

හැටන්-රංජිත් රාජපක්ෂ

RECENT ARTICLES - SINHALA

රෝහල් රැසක විකිරණ පරික්ෂණ සේවා අඩාල වෙලා

රජයේ රෝහල් පද්ධතිය තුළ පවතින පරිපුරක වෛද්‍ය සේවාවට අයත් නිලධාරින්ගේ හිඟය හේතුවෙන් මෙරට රෝහල් 8ට වැඩි ප්‍රමාණයක විකිරණ පරික්ෂණ සේවාවන් අඩාල වී ඇති බව...

විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා විශ්වවිද්‍යාලප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ මහචාර්ය සම්පත් අමරතුංග මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඔහුව...

වෙළෙඳපොළේ නාඩු හාල් හිඟයක්?

සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් දේශීය වෙළඳපොළේ නාඩු සහල් හිඟයක් පවතින බව හැටන් නගරයේ සහල් වෙළඳුන් පවසනවා. නාඩු සහල් කිලෝ පන්දහසක් මිල දී ගැනීමට නම්...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...