25 C
Colombo
Saturday, March 15, 2025

Breaking: බටලන්ද වාර්තාව සභාගත කෙරේ

- Advertisement -

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවේ  සභාගත කර තිබෙනවා.

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී බිමල් රත්නායක මහතා පවසා සිටියේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් සිදුකරන බවයි.

මෙම බටලන්ද වාර්තාව ගැන කටයුතු කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවද එහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසා සිටියා.

ඒ අනුව මෙම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු කිරීම සඳහා උපදෙස් යෝජනා කිරීමටත් ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමටත් තීරණය කර තිබුණා.

සුදුසු අවස්ථාවක මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දින 2ක විවාදයක් පැවැත්වීමටත් පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

RECENT ARTICLES - SINHALA

මධ්‍යම අධිවේගයේ මාරක රිය අනතුරක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඊයේ (14) අලුයම් කාලයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම දෙස සිට කුරුණෑගල දෙසට නාගලගමුව ප්‍රදේශයේ ධාවනය...

සත්ත්ව සංගණනය අද

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ජාතික සත්ත්ව සංගණනය අද (15) පෙරවරු 8 ට ආරම්භ වනවා. ඒ අනුව, පෙරවරු 8:00 සිට 8:05...

අද සවස තද වැසි

අද (15) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ...

POPULAR ARTICLES