27 C
Colombo
Monday, March 31, 2025

Breaking : ඇප ලැබුණු චාමර රිමාන්ඩ්

- Advertisement -

නඩු තුනක් සම්බන්ධයෙන් අද (27) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු දෙකකින් ඇප හිමි වුවත් එක නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ රාජ්‍ය බැංකුවකින් මුදල් ඉල්ලා කළමණාකාරවරයා එය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව පළාත් සභාව පවත්වාගෙන ගිය සියලු ස්ථාවර තැන්පතු එම බැංකුවෙන් ඉවත් කර ගැනීම නිසා රුපියල් ලක්ෂ 173ක පාඩුවක් රජයට සිදු කිරීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනාව යටතේයි.

ඒ අනුව චාමර සම්පත් දසනායක මහතා අප්‍රේල් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ චාමර සම්පත් දසනායක මහතා අල්ලස් කොමිසමට පැමිණි අතර එහිදී චෝදනා තුනක් යටතේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව පළමු චෝදනා 2 සඳහා චාමර සම්පත් දසනායක මහතාට ඇප හිමි වුවද තුන්වන චෝදනාවට ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා.

ඒ අනුව ඇප ලබාදීමේදී චාමර සම්පත් දසනායක මහතාට රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර 2ක් මත මුදාහැරීමට අධිකරණයෙන් නියම කළා.

කෙසේවෙතත් තුන්වන චෝදනාව සඳහා වරදකරු කරමින් චාමර සම්පත් දසනායක මහතා එළඹෙන අප්‍රේල් මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
 
රාජ්‍ය බැංකු දෙකකින්, රුපියල් මිලියන දෙකහමාරක මුදලක් ඌව පළාත් සභාවට ලබා ගෙන එම මුදල් චාමර සම්පත් දසනායක මහතාගේ පදනමේ ගිණුමට බැර කරවා ගැනීම ඔහුට එල්ලවන එක් චෝදනාවක්.

අනෙක් චෝදනාව  තවත් රාජ්‍ය බැංකුවතකින් පළාත් සභාවට ලබා ගත් රුපියල් මිලියනයක මුදලක් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස බැංකු ශාඛාවකින් කෙලින්ම ඔහු අතට ලබා ගැනීමයි.

RECENT ARTICLES - SINHALA

දුම්රිය ප්‍රවේශපත්‍ර ජාවාරමේ යෙදුණු අයෙක් මාට්ටු

කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන උඩරට මැණිකේ දුම්රියේ ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන විදේශිකයන්ට අධික මිල ගණන්වලට අලෙවි කිරීමේ ජාවාරමක් කලක් තිස්සේ පවත්වාගෙන ගිය පුද්ගලයෙකු...

උණුසුම් කාලගුණය ගැන අනතුරු ඇඟවීම්

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද (31) දිනයේ දී උතුර, උතුරු මැද, බස්නාහිර,...

දේශීය ගුවන් ගමන්වාර වැඩි කරන්න සැලසුමක්

දේශීය සංචාරකයින් දිරිමත් කිරීම සඳහා දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක...

POPULAR ARTICLES