27 C
Colombo
Thursday, February 20, 2025

BREAKING – පාස්කු වන්දිය මෛත්‍රී ගෙවා දමයි

- Advertisement -

පාස්කු ඉරිදා එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිදුකළ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව ඒ මහතා විසින් වන්දි වශයෙන් රුපියල් මිලියන 15ක මුදලක් ගෙවා ඇති බව වාර්තා වනවා.

පසුගිය ජනවාරි 12 වනදා අගවිනිසුරු ජයන්ත ජයසුරිය ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණය සත්පුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව තීන්දුවක් දෙමින් අදාළ වන්දි මුදල් මාස 6ක් ඇතුළත ගෙවන ලෙස හිටපු ජනාධිපතිවරයාට නියෝග කළා.

මේ අනුව මාස 6ක කාලය අද (12) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණා.

ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පෙන්වා දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග පරිදි වන්දි මුදල් පරිදි නොගෙවීම සිදුනොකළහොත් එය අධිකරණයට අපහාස කිරීමක් ලෙසයි.

බුද්ධි තොරතුරු ලබා තිබියදී පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා නොගැනීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන අය වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මේ වෙනුවෙන් පාස්කු ප්‍රහාරවල වින්දිතයන්ට වන්දි ගෙවන ලෙස පසුගිය ජනවාරි 12 වනදා නියෝග කළා.

මේ අනුව පාස්කු ප්‍රහාරවල වන්දිතයින්ට රුපියල් කෝටි 10ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

පාස්පෝර්ට් ගන්න එන අයට විශේෂ දැනුම්දීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක්දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක් පැය 24 සේවයක් ක්‍රියාත්මක කරනු ලබන...

ඝාතනය ගැන වෙඩික්කරු පාපොච්චාරණය කරයි

0
සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කර ඇත්තේ, රුපියල් කෝටි එක හමාරක කොන්ත්‍රාත්තුවක් මත බව අත්අඩංගුවට පත්...

ගණේමුල්ල සංජීවගේ දේහය ගැන අධිකරණ නියෝගයක්

වෙඩි තබා ඝාතනය කළ අපරාධ කල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීවගේ මරණ පරික්ෂණය සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි විසින් අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග...

POPULAR ARTICLES

පාස්පෝර්ට් ගන්න එන අයට විශේෂ දැනුම්දීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක්දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක් පැය 24 සේවයක් ක්‍රියාත්මක කරනු ලබන...

ඝාතනය ගැන වෙඩික්කරු පාපොච්චාරණය කරයි

0
සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කර ඇත්තේ, රුපියල් කෝටි එක හමාරක කොන්ත්‍රාත්තුවක් මත බව අත්අඩංගුවට පත්...

ප්‍රවීණ කවියෙකු අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ කවියෙකු වූ උපුල් සේනාධිරිගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්ත වන විට ඔහු 65 වන වියේ පසු වුණා. කාව්‍ය කෘති ගණනාවක් රචනා කරමින් කාව්‍ය කෘති පළ...