27.1 C
Colombo
Friday, November 29, 2024

Breaking : පුද්ගලයින් හයකට මරණ දඬුවම

- Advertisement -

2016 වසරේ නාරාහේන්පිට ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය නිවසක දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් මරා දමා තවත් පිරිසකට තුවාල සිදුකිරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

2016 වසරේ ජූලි මස 20 වනදා නාරාහේන්පිට උද්‍යාන පාර ප්‍රදේශයේ පැවැති අවමංගල්‍ය නිවසක දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුර දිග යාමෙන් මංජුල මහේෂ් ජයතිලක නමැත්තාගේ මරණය සිදුකොට තවත් පිරිසකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.

නඩු විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විත්තිකරුවන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

දීර්ඝ විභාගයකින් අනතුරුව විනිසුරුවරයා ප්‍රකාශ කළේ, විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි.

ඒ අනුව මෙම දඬුවම නියම කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

හිඟ ඉන්සියුලින් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්

මේ වනවිට හිඟව පවතින දියවැඩියා රෝගීන්ට අවශ්‍ය ඉන්සියුලීන් වර්ගය ඉදිරි දින 4 ඇතුළත මෙරටට රැගෙන ඒමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. දියවැඩියා රෝගීන්ට...

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශ සඳහා පැය 18 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා....

මන්ත්‍රී වරප්‍රසාද කපල නැහැ – පාර්ලිමේන්තු මහ ලේකම්

නවක මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද ඒ ආකාරයෙන්ම ලබා දෙන බවත් ඒවායේ කිසිදු කප්පාදුවක් මෙතෙක් සිදුකර නොමැති බවත් පාර්ලිමේන්තු මහ ලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පවසනවා. ...

POPULAR ARTICLES