24 C
Colombo
Monday, March 17, 2025

Breaking : දේශබන්දුගෙන් උසාවියට ජිල්මාට් එකක්

- Advertisement -

තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින්‍ ඉදිරිපත් කළ පෙත්සමට අදාළව ඔහුගේ නීතිඥවරු විසින් අභියාචනාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම මෝසම මඟින් දන්වා ඇත්තේ මෙම නඩුකරයට අදාළ තවත් ලේඛන කිහිපයක් ඉදිරිපත් කිරීමට අවසර ලබා දෙන ලෙසයි.

මෙම නඩුකරය තුළින් ඉල්ලා තිබෙන අතුරු තහනම් නියෝගය නිකුත් කරනවාද? නැද්ද? යන තීන්දුව අද (17) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබියදී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නීතිඥවරු විසින් මෙම මෝසම ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම අභියාචනාධිකරණයේදී ඇතිකර ගත් එකඟතාව මත මූලික විමර්ශන අවසන් වන තෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් 06දෙනා අත්අඩංගුවට නොගන්නා ලෙසට නීතිපතිවරයා විසින් ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබුණා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමෙන් පසු ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසටත් නීතිපතිවරයා උපදෙස් දී ඇති බවයි. 


 

RECENT ARTICLES - SINHALA

බටලන්ද වාර්තාව පුස්සක් – ගම්මන්පිල

ආණ්ඩුව විසින් බටලන්ද වාර්තාව පිළිගැනීම යනු ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔවුන් කළ අපරාධ පිළිගැනීම බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. අද (17)...

සංජීව ඝාතන සිදුවිමට අත්අඩංගුවට ගත් ජේලර්වරයා රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බූස්ස බන්ධනාගාරයේ ජේලර්වරයෙකු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා. කොළඹ...

යුනිකෝන් ඇතාට වෙඩිතබා ඝාතනය කරලා

මින්නේරිය ජාතික වනෝද්‍යානය සිටි යුනිකෝන් නැමැති හස්තියා මියගොස් තිබෙනවා. පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පැවසුවේ වෙඩි වැදීමකට ලක්ව එම හස්තියා මියගොස් ඇති බවයි. අද (17)...

POPULAR ARTICLES

කොටස් වෙළෙඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (17) ඒකක 211.14 කින් පහළ වැටී තිබෙනවා. දිනයේ ගණුදෙනු අවසානයේදී ඒකක 15,649.30 ක් ලෙස සටහන් වුණා. ඒ අනුව...

ට්‍රම්ප් අපරාධකරුවන් 200ක් අමෙරිකාවෙන් පන්නලා

වෙනිසියුලාවේ අපරාධකරුවන් 200කට අධික සංඛ්‍යාවක් එල්. සැල්වදෝර්යේ සුපර් මැක්ස් බන්ධනාගාරයේ සිරගත කිරීමට අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා. වොෂින්ටන්හි දිස්ත්‍රික් විනිසුරු ජේම්ස් බෝස්බර්ග් නියෝග...

බටලන්ද වාර්තාව පුස්සක් – ගම්මන්පිල

ආණ්ඩුව විසින් බටලන්ද වාර්තාව පිළිගැනීම යනු ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔවුන් කළ අපරාධ පිළිගැනීම බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. අද (17)...