27 C
Colombo
Wednesday, June 4, 2025

Breaking: දේශබන්දු තෙන්නකෝන් රිමාන්ඩ්

- Advertisement -

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට (20) දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද දිනයේ  සිය නීතීඥවරුන් මාර්ගයෙන් මෝසම් පත්‍රයක් ගොනු කරමින්  අධිකරණයට භාර වී තිබුණා.

නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතීඥ චානක රණසිංහ දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් ඇප ඉල්ලීමක් සිදුකළා.

එහිදී එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා හෙට දිනයේ එම ඇප ඉල්ලීමට අදාළව සුදුසු නියෝගයක් ලබා දෙන බව තීන්දු කළා.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ පවසා සිටියේ සැකකාර දේශබන්දු තෙන්න්කෝන් මහතා දින 20ක් තිස්සේ අධිකරණය මඟ හරිමින් සිටි අපරාධකරුවෙක් බවයි.

එවැනි අපරාධකරුවෙකුට ඇප ලබා දීම සුදුසු නොවන බවද ඔහු අධිකරණය හමුවේ කරුණ දක්වමින් පවසා තිබුණා.

ඒ අනුව, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

එමෙන්ම, දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රවාහනයේදී සහ රඳවා තබාගැනීමේදී ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

පිල්ලෙයාන්ගේ මඩකලපු කාර්යාලයේ තිබි සොයාගත් දේ

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ මඩකලපුවේ පිහිටි කාර්යාලය ආශ්‍රිත පරීක්ෂා කිරීම් තවදුරටත් ක්‍රියාත්මකව පවතිනවා. එහි තිබී ජංගම දුරකතන කිහිපයක් සහ සැටලයිට් දුරකතනයක් ද...

කොළඹ රැස්වෙන දවස මෙන්න

කොළඹ මහ නගර සභාවේ ප්‍රථම රැස්වීම ජුනි 16 වැනිදා රැස්වීමට නියමිතයි.  ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි...

දේශබන්දු හැංගිලා හිටියේ නැහැ-දේශබන්දුගේ නීතිඥවරයා

වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සදහා පත්කළ...

POPULAR ARTICLES