27 C
Colombo
Friday, January 10, 2025

Breaking: දුමින්දට බන්ධනාගාර රෝහල අහිමිවෙයි

- Advertisement -

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට අදාළව මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන්, වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිරමැදිරියක් වෙත මාරු කර යවා තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී. බී. දිසානායක මහතා සඳහන් කළේ අද (10) පස්වරුවේ දුමින්ද සිල්වා මෙලෙස වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යැවූ බවයි.

දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහල අවභාවිතා කරන බවට චෝදනා රැසක් එල්ලවූ බැවින් පසුගියදා ඔහුගේ රෝගී තත්ත්වය පිළිබදව සොයා බැලීමට වෛද්‍ය මණ්ඩලයක් පත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා මීට පෙර ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා සිටියා.

එහිදී ඔහු සදහන් කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව තවදුරටත් දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත යුතුදැයි සොයා බැලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වෛද්‍ය මණ්ඩලයක් පත් කළ බවයි.

RECENT ARTICLES - SINHALA

මව් කිරි සිරවීමෙන් බිළිඳෙක් මරුට

හෝමාගම මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දින දොළහක් වයසැති බිළිදෙකුට ලබාදුන් මව් කිරි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා. බිළිඳාගේ දෙමාපියන්...

භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමේ

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව හෙට (11) දහවල් 12.00න් පසු විශ්වවිද්‍යාලය වසා දැමීමට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ...

සිරකරුවන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරු මුදල් ගන්න ජාවාරමක

බන්ධනාගාර රෝහල්වලින් ප්‍රතිකාර ලබන රැදවියන් හට ප්‍රතිකාර කිරීමට ඇතැම් රෝහල් වෛද්‍යවරු රුපියල් ලක්ෂ තුනක සිට ඉහළ මුදලක් අය කරන ජාවාරමක් සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදු...

POPULAR ARTICLES