Breaking:ෆොන්සේකා ජනපති සටනට

තමා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් සරත් ෆොන්සේකා මහතා මේ බව සඳහන් කළා. සමගි ජන බලවේග පක්ෂයේ සභාපති ලෙස කටයුතු කල සරත් ෆොන්සේකා මහතා එම සියලු කටයුතු වලින් ඉවත් කිරිමට පසුගියදා කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් තීරණය කළා.