අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් දැනට පවතින ඉන්ධන කෝටාව ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව අද (04) මධ්‍යම රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ මීට පෙර සැලසුම් කර තිබූ පරිදි උත්සව සමය සඳහා ඇස්තමේන්තුගත ඉන්ධන ඉල්ලුමට අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අවශ්‍ය ඉන්ධන තොග ඇණවුම් කර මේ වන විටත් ලබාගෙන ඇති බවයි.
ඒ අනුව ත්‍රිරෝද කෝටාව ලීටර් 5 සිට 8 දක්වා ද, යතුරුපැදි ලීටර් 4 සිට 7 දක්වා ද, බස් රථ ලීටර් 20 සිට 60 දක්වා ද, මෝටර් රථ ලීටර් 20 සිට 30 දක්වා ද ලොරි ලීටර් 50 සිට 75 දක්වා ද වන පරිදි ඉන්ධන කෝටාව ඉහල දමා තිබෙනවා.