28 C
Colombo
Thursday, January 9, 2025

Breaking: ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක්

- Advertisement -

බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබෙනවා.

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු ලෙස නම් කිරීමෙන් අනතුරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (08) මෙම නියෝගය ලබා දුන්නා.

ඊට අමතරව රුපියල් 1500 ක දඩයක් නියම කරන බවද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළා.

2016 වසරේ ජූලි මස 16 වැනිදා කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ පොලිසිය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.

මෙහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ඥානසාර හිමියන් අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී සිදු කළ ප්‍රකාශය නොසැලකිල්ලෙන් නොව චේතනාන්විතවම සිදු කරන ලද්දක් බව පැහැදිලි වන බවයි.

මේ අතර, මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී  ඥානසාර හිමියන් හිමියන් විවෘත අධිකරණය හමුවේ විශේෂ ප්‍රකාශයක්ද සිදු කර තිබුණා.

උන්වහන්සේ එහිදී පවසා තිබුණේ,” ස්වාමීනී, මම බෞද්ධ භික්ෂුවක්. වසර විස්සක් පමණ මම ඉස්ලාම් මූලධර්මවාදය ගැන කතා කරනවා. හැමදාම මෙහෙම වෙන්න බෑ. එක්කෝ එකපාරට මරලා දාන්න” යනුවෙනි.

කෙසේවෙතත්, එම ප්‍රකාශයට පිළිතුරු වශයෙන් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබුණේ සිය තීන්දුව සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන්නේ නම් අභියාචනා ඉදිරිපත් කිරීමට විත්තිකාර ඥානසාර හිමියන්ට හැකියාව තිබෙන බවයි.

අනතුරුව මෙම  නඩුවේදී ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටී නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ  විත්තිකාර ඥානසාර හිමියන්ට යළි සමාජගත විය හැකි වන පරිදි ලිහිල් දඬුවමක් නියම කරන ලෙසයි.

ඒ අනුව, කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඥානසාර හිමියන්ට මාස 09 ක ලිහිල් සිර දඬුවමක් දෙන බවට සිය  තීන්දුව ප්‍රකාශයට පත් කළා.

ඉන් පසුව, ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටී නීතීඥවරයා අධිකරණයට දැනුම්දුන්නේ මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES