28 C
Colombo
Thursday, September 19, 2024

Breaking:දේශබන්දු ගැන රජයේ ස්ථාවරය හෙට

- Advertisement -

දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අදාළව රජයේ ප්‍රතිචාරය පළ කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හෙට (26) උදෑසන පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.

අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය මගින්, පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අදාළව රජයේ ස්ථාවරය නිළවශයෙන් ප්‍රකාශ වනු ඇති.

මේ අතර දේශබන්දු⁣ තෙන්නකෝන් නම් පුද්ගලයා පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වලක්වාලමින් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙනු ලැබූ අතුරු නියෝගය ගැන අධ්‍යයනය කිරීමට දින දෙකක් ලබා ගන්නා බවට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය ශ්‍රී ලංකාවේ නීතිය සහ අධිකරණ පද්ධතිය හෑල්ලුවට ලක්කිරීමක් බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ සමස්ත පොලිස් සේවයටවත් නොගැලපෙන පුද්ගලයකු ව්‍යවස්ථා විරෝධීව පොලිස්පති ලෙස නාම යෝජනා කර ව්‍යවස්ථා සභාවට යොමු කිරීම හා ව්‍යවස්ථා සභාව අනුමත නොකර තිබියදී කතානායකගේ නීති විරෝධී ලිපියක් මත ජනාධිපතිවරයා විසින් පොලිස්පති ලෙස ඔහු පත් කිරීමත් අභියෝගයකට ලක්කරමින් මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ බවයි.


RECENT ARTICLES - SINHALA

ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කෙරේ

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබෙනවා. චීන එක්සිම් බැංකුව, චීන සංවර්ධන බැංකුව, නිල ණය...

ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත්කරන්නේ මෙහෙමයි

නිලධාරින් හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ වූ පසු ප.ව. 7ට පමණ ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ගණන්කිරීම් කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ....

හිමිකරුවන්ට භාර නොදුන් ඡන්ද දැන්වීම් පත්‍රිකා තොගයක් සොයා ගෙන

පුත්තලම කල්අඩිය කලාපයට බෙදා දීමට තිබූ නිල ඡන්ද පත්‍රිකා 147ක් එම ප්‍රදේශයේ වෙළෙඳසලක තිබියදී සොයාගත් බව පුත්තලම තැපැල් ස්ථානාධිපති එච්.එෆ් අමීර් මහතා පවසනවා. තිල්අඩිය දෙවන...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...